මේ දින වල ලොව පුරා ඉතාමත් ජනප්‍රිය game එකක් වන Among Us game එකේ මීළඟ සංස්කරණය වන Among Us 2 නම් වූ game එකක් නිකුත් කිරීමට අදහස් කරන බව මීට මසකට පමණ පෙර එහි නිර්මාපකයින් ප්‍රකාශ කරනු ලැබුවා.

කොහොම නමුත් මේ වන විට නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ Among Us 2 නමින් නව game එකක් නිර්මාණය කිරීමට කටයුතු නොකරන බවත්, ඒ වෙනුවට දැනටමත් විශාල පරිශීලකයින් පිරිසක් සිටින පළමුවැනි game එක වැඩිදියුණු කිරීමට කටයුතු කරනු ලබන බවත් ය.

The Future of Among Us - Among Us - itch.io

Among Us 2 ලෙස වෙනත් සංස්කරණයක් නිකුත් කිරීමට මූලිකව තීරණය කරනු ලැබුවේ මෙහි පළමුවැනි game එක නිර්මාණය කිරීමේදී භාවිතා කර ඇති අක්‍රමවත් code ක්‍රමයන් නිසා වන බවත්, ඒ නිසාවෙන් අලුතින් content එකතු කිරීම ඉතා අපහසු වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම නමුත් දැනටමත් මෙය play කරනු ලබන අති විශාල ක්‍රීඩකයින් පිරිස නිසාවෙන් මෙම game එකම වැඩිදියුණු කිරීමට ඔවුන් තීරණය කර ඇති බව වාර්ථා වෙනවා.

Among Us on Steam
An online and local party game of teamwork and betrayal for 4-10 players...in space!

මේ වන විට Steam මත වැඩිම වාරයක් play කරන ලද games අතුරින් තෙවන ස්ථානයෙහි සිටින මේ game එක සමඟින් ලොව පුරා පරිශීලකයින් මිලියන 10ක් පමණ සිටින බව වාර්ථා වෙනවා.

Among Us - Apps on Google Play
Play online or over local WiFi with 4-10 players as you attempt to prep your spaceship for departure, but beware as one will be an impostor bent on killing everyone! Crewmates can win by completing all tasks or discovering and voting the impostor off the ship. The Impostor can use sabotage to cau…

Steam මත මෙය ඇමෙරිකානු ඩොළර් 4.99ක මුදලකට අලෙවි වන අතර, මෙහි Android සංස්කරණය නොමිලයේ ලබාදෙනු ලබන නමුත් එහි ads පෙන්වනු ලබනවා. ඒ සඳහා ද ඩොළර් 1.99ක මුදලක් ගෙවා ads ඉවත් කරගැනීමේ හැකියාව පරිශීලකයින් හට ලබාදී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා itch වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.