දිනෙන් දින දියුණු වන තාක්ෂණය ගැන කල්පනාකර බලනවිට drone යනු අප හට නිතරම ඇසෙන වචනයකි. මෙමඟින් මිනිසා ප්‍රයෝජන රැසක් ලබා ගනී. සරලව කිව්වොත් ඩ්‍රෝන් එකක් කියන්නේ සරලවම කිව්වොත් ගුවන් ගත කල හැකි කැමරාවකි. මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහත් දියුණුවක් ලෙස දැක්විය හැකි පුවතක් දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා විවිධ නව දියුණු තාක්ෂණික මෙවලම් භාවිතා කලත් අද මේ කියන්න යන්නේ ඉතාමත් වෙනස්ම දෙයක් ගැන. වර්තමානය වන විට මෙම drone යානා මගින් යුධමය කටයුතු සඳහා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා තවත් විවිධ කටයුතු රැසක් සඳහා භාවිතා කරයි.

දකුණු ඔස්ට්‍රේලියාවේ විසූ පරීක්ෂකයන් පිරිසක් විසින් drone යානාවක් මගින් හදවත් හා ස්වසන වේගය මැනීම සඳහා ක්‍රමවේදයක් පිළියෙල කරන ලදී. මෙහිදී මිනිසුන්ගේ මුහුණේ සහ බෙල්ලේ හැඟීම්වලින් හෘද ස්පන්දන වේගය සහ හුස්ම ගැනීමේ වේගය යන තොරතුරු සොයා බැලීම සඳහා drone යානාවක් නිපදවා ඇත.

මෙම drone යානා වල විශේෂත්වය වන්නේ ඉතාමත් දුරස්ථව පුද්ගලයන් ලඟට ගොස් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ වුවද මෙම තොරතුරු ලබාගත හැකි වීමයි මෙහි ඇති සුවිශේෂත්වය ද මෙයයි.

මේ පිළිබඳව තව දුරටත් විස්තර දක්වන දකුණු ඕස්ට්‍රේලියාවේ පරීක්ෂකයෙකු වන චාර්ල්ස් මහතා පවසන්නේ මෙය වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් ඇති කරන අංගයක් බවයි.

මෙහි ඇති වටිනාකම වන්නේ හදිසි අනතුරකදී එම පුද්ගලයා ළඟට ළඟා විය නොහැකි අවස්ථාවකදී මෙම drone යානාව මගින් තාමත් පහසුවෙන් වෛද්‍ය කටයුතු සිදු කළ හැකි බවයි එය ඉතාමත් වටිනා කරුණකි.

මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත link එක මත click කරන්න.

වැඩි විස්තර