අද උදෑසන ලොව පුරා සිටින ඇතැම් YouTube පරිශීලකයන් හට YouTube සේවාව භාවිතා කිරීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණදීමට සිදුවූ අතර ඒ පිළිබඳව අප ඔබව Techie Instants සේවාව හරහා දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා මතක ඇති.

එම අවස්ථාවේදී YouTube ඔස්සේ videos browse කිරීමට හැකියාව තිබුණද videos නැරඹීමට හැකියාවක් නොතිබුණ බව මෙම ගැටළුවට මුහුණදුන් පරිශීලකයන් විසින් ප්‍රකාශ කළ අතර ලොව පුරා සෑම රටකම පාහේ සිටින YouTube පරිශීලකයින් හට මෙම තත්ත්වය බලපා ඇති බව DownDetector වෙබ් අඩවිය ද වාර්තා කර තිබුණා.

මෙය YouTube TV, YouTube Music ඇතුළු සියළුම YouTube සේවාවන් වලට බලපා ඇති අතර, මේ සමානම තත්වයක් Google Play Store පරිශීලකයන් හටද අත්විඳීමට සිදුවුණ බව 9to5google වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

එහිදී Play Store හරහා Android apps download වුවද, ඒවා install වීමේ process එක සම්පූර්ණ නොවූ බවට ඇතැම් පරිශීලකයන් විසින් චෝදනා කරනු ලැබූ අතර මේ වනවිට Google සමාගම විසින් මෙම ගැටළු නිරාකරණය කර ඇති බවට තහවුරු කර තිබෙනවා.
...And we’re back – we’re so sorry for the interruption. This is fixed across all devices & YouTube services, thanks for being patient with us ❤️ https://t.co/1s0qbxQqc6
— TeamYouTube (@TeamYouTube) November 12, 2020
කෙසේ වෙතත්, මෙම outage එක සඳහා හේතුව Google සමාගම විසින් තවමත් නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර මෙම ගැටළුව මේ වනවිට නිරාකරණය කර ඇති නිසා දැන් මෙම සේවාවන් සුපුරුදු ආකාරයටම භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.
Article එකක් පළවන තුරු නොසිට, පමා නොවී මෙවැනි breaking news ක්ෂණිකවම දැනගැනීම සඳහා Telegram | Facebook | Twitter යන platform හරහා Techie Instants සේවාව subscribe කරන්න.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.