2025 දී Google search engine වෙනස් වෙනස් වෙන හැටි ගැන ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ඉගි පල කරයි.
ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි පවසන්නේ සමාගමේ සෙවුම් යන්ත්‍රය 2025 දී ගැඹුරු හා අර්ථාන්විත ලෙස වෙනස්කම් රැසකට භාජනය වන බවයි බවයි. වෙන කවරදාටත් වඩා සංකීර්ණ ප්‍රශ්න විසඳීමට Google search වෙත හැකි වනු ඇතැයි The New York Times DealBook Summit හිදී අදහස් දක්වමින් පිචායි පැවසීය.
“I think you’ll be surprised even early in ’25 the kind of newer things search can do compared to where it is today,”
එළඹෙන වසරේ මුල් භාගයේදී සෙවුම් යන්ත්‍රය වෙත එක් වෙන නව පහසුකම් වලින් අප පුදුමයට පත්වෙනු ඇති ද ඔහු ප්‍රකාශ කළා.
මෙම වසර මුල සිට මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා කෘතීම බුද්ධි වැඩසටහන් නිර්මාණයේදී අනෙක් සමාගම් හා සැසඳීමේදී Google ආයතනය කැපිපෙනෙන හා වැදගත් යමක් නොකිරීම පිළිබඳව සිදු කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පිචායි සඳහන් කලේ ඔහු මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාණය කල මොඩලයන් හා ගූගල් සංසන්දනය කිරීමට තමන් ඕනෑම වෙලාවක කැමති බවත් මයික්‍රොසොෆ්ට් භා ඉතා කරන්නේ OpenAI සමඟ සමාගමේ මොඩලයන් බවත්ය.
“I would love to do a side-by-side comparison of Microsoft’s own models and our models any day, any time,”
“They’re using someone else’s models,”
පිචායි ට අනුව ගූගල් සමාගම් සිටින්නේ නව නවෝත්පාදන රැසකට මුලපුරන මාවතකයි. සමගම මේ ක්ෂේත්රයේ ප්රමුකය වීමට කැපවී සිටින බවත් ඔහු සඳහන් කළා. කොහොම නමුත් පසුගිය වසරවල් වලට වඩා 2025 වසරේදී AI තාක්ෂණික පෙරලිය යම් මට්ටමකට හෙමින් සිදු වෙනු ඇති බවත් ඔහු සඳහන් කළා.
මේ වසර අවසානයට පෙර තවත් Gemini model එකක් පිළිබඳව අපට දැක ගැනීමට හැකි වන බව ගූගල් සමගම මීට ටික දිනකට පෙර ඉඟි කළා. සමහරවිට මේ නව මොඩලය ඔවුන්ට OpenAI, සහ Perplexity වැනි සමාගම් හා කරට කර තරඟයක් ලබාදීමට හැකියාව ලැබේවි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා businessinsider.com වෙබ් අඩවිය සහ nytimes.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.