ඔයාලට මතක ඇති මීට ටික කාලෙකට කලින් තෙළිඟු අකුරක් පෙන්වීමේදී iPhone crash වෙන්න පටන් ගත්තා. අපි ඒක iPhone fans ලාට යවලා විනෝද වුණත් මතක ඇති. නමුත් අද කියන්න යන්නේ ඒ වගේ Android fans ලාට නරක ආරංචියක්.

මට යාළුවෙක් Whatsapp හරහා "dont-touch-here" කියලා message එකක් එවුවා. ඒත් මම කලේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඒක touch කරලා බලපු එක. ඒත් එක්කම WhatsApp එක freeze වෙලා තප්පර කිහිපයකින් app eka restart වුණා. ඉතින් පොඩ්ඩක් පුදුම හිතුණ නිසා ඒ text එක copy කරගෙන Viber එකෙන් වෙන කෙනෙකුට යවලා බැළුවා, Google Keep එකට දාලා බැළුවා, හැම තනකදිම අදාල app එක freeze වෙන්න පටන් ගත්තා.

මට ඕන වුණා මේක වෙන්නේ කොහොමද කියා දැනගන්න. ඉතින් වෙනදා වගේම මගේ පළවෙනි option එක වුණේ ඒ text එක copy කරලා Google search එකක් දාන එක. නමුත් Google එකට බැරි වුණා ඒක search කරන්න. එයාලාගේ search කරන්න පුළුවන් character limit එකට වඩා වැඩියි කියලා තමයි මට දැකගන්න පුළුවන් වුණේ.

ඉතින් ඊළඟට බැළුවේ මේ Message එකේ අකුරු කීයක් තියනවද කියලා. එතකොටයි දැක්කේ අපිට පේන්න තියෙන්නේ characters 17ක් සහ spaces ටිකක් වුණත් ඇත්තටම එතන charaters 1987 ක් තියන බව.

මේ message එක Unicode escape sequences වලට convert කරලා බලද්දී තමයි මම මේකේ තියන හැම character එකකටම අදාල unicode එක දැක්කේ.

ඇත්තටම මොකක්ද මේ?

උඩ පෙන්නලා තියන unicode sequence එක සමීපව බැළුවොත් ඔයාට පේනවා ඇති characters 2ක් විතරයි නැවත නැවතත් යොදාගෙන තියෙන්නේ. ඒ දෙක තමයි u200E සහ u200F කියන්නේ.

ඔයාලා දන්නවනේ අපි English වලින් type කරද්දී වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තටයි type කරගෙන එන්නේ. ඒත් අපි Arabic වලින් type කරනවා නම් අපිට type කරන්න වෙන්නේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට. මෙන්න මේ දිශාව අඳුරගන්න බාවිතා කරන, නමුත් user ට පේන්නේ නැති වෙන්න සකස් කරලා තියන unicode characters දෙක තමයි u200E සහ u200F කියන්නේ.

මේකෙන් අදාල App එකට කියනවා අකුරු වල දිශාව වෙනස් කරන්න කියලා. එකපාරක් නෙවෙයි. දහස් වාරයක්, එහෙමත් නැත්තම් ඊටත් වැඩි වාර ගණනක්. දැන් ඔයාලට හිතාගන්න පුළුවන් ඇති, මේක උඩ tap කලාම WhatsApp එහෙමත් නැත්තම් හැම app එකක්ම වගේ freeze වෙන්නේ ඇයි කියලා.

දැන සිටිය යුතු වැදගත් දේවල්

සමහරවිට ගොඩක් අයට මම මේ කියපු දේවල් එකපාරටම තේරෙන එකක් නැති වෙයි. නමුත් දැනගන්න ඕන දේ තමයි, මේකෙන් අපිට කිසිම හානියක් (app එක freeze වෙන එකට අමතරව) වෙන්නේ නෑ. අපි ඒක උඩ tap නොකර ඉන්න තාක් app එක freeze වෙන්නෙත් නැහැ.

ඉතින් මේ Android ගැන නිසා, මේ Bug එකට හැමෝටම update එකක් ලැබෙන්න ගොඩ කාලයක් යාවි. මොකද iPhone වල වගේ devices කිහිපයක් නෙවෙයි Android වල තියෙන්නේ. ඒක නිසා දැනට අපිට කරන්න පුළුවන් වෙන්නේ,

  1. දන්න අය ඒක උඩ tap නොකර ඉන්න එක
  2. නොදන්න අයව දැනුවත් කරන එක

Freezing Message