පසුගිය මාස කිහිපය තුල technology industry එකේ user privacy එක ගැන ආන්දෝලනාත්මක පෙරලියක් දැකගන්න පුළුවන් වුණා කියලා ඔයාලටත් තේරෙන්න අැති.

ගොඩක්ම news headlines නිර්මාණය වුණේ social networks ගැන. ඒ වගේම Facebook එකේ වුණ සිද්ධිය ගැන ඔයාලාට මතක ඇතිනේ. මේ දේවල් එක්ක Europe වල data protection වලට අදාල නීති ටිකක් තද වෙන්නයි යන්නේ. General Data Protection Regulation (GDPR) කියන්නෙත් ඒ වගේ 2016 අප්‍රේල් මාසේ සම්මත කරපු නීති සහ රෙගුලාසි සමූහයක්. ඔන්න අවුරුදු දෙකකට පස්සේ, ඒ කියන්නේ එන මැයි මාසේ 25 වෙනිදා ඉදන් මේක ක්‍රියාත්මක වෙන්නයි යන්නේ.

මේ GDPR එකෙන් නියම කරලා තියන විදිහට හැම company එකකින් ම එයාලාගේ users ලා ගැන තියාගෙන ඉන්න තොරතුරු ගැන report එකක් හදලා user ට ලබා දෙන්න ඕන. මේ වෙනකොට Facebook සමාගමට අයිති Instagram එකෙන් මේ වගේ report එකක් ලබා දෙන්න කටයුතු කරලා තියනවා. ඒ වගේම, Whatsapp එකත් මේ වෙනකොට ලෑස්ති වෙනවා මේ වගේ report එකක් තමන්ගේ usersලා ටත් ලබා දෙන්න. GDPR එකේ වැදගත් එලියට එන්නේ Whatsapp එක මේ වෙනකොටත් දවසකට බිලියනයක පමණ active usersලා ගේ data මේ විදිහට තියාගෙන ඉන්න නිසයි.

WABetaInfo කියන website එක ප්‍රසිද්ධ කරලා තියනවා Android වලට release වුණු Whatsapp beta (version 2.18.128) එකේ මේ වගේ report එකක් ලබාගන්න option එකක් තියනවා කියලා. මේ report එකේ user ගේ account information සහ settings අන්තර්ගත වෙලා තියන අතර messages අන්තර්ගත නොවන බවත් company එක වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔයාලටත් ඕන නම් පුළුවන් මේ report එක ඉල්ලන්න. එ්කට කරන්න කරන්න තියෙන්නේ

  1. Settings වලට යන්න
  2. Account කියන Option එක තෝරන්න
  3. Request account info කියන option එක තෝරන්න

Whatsapp එක කියලා තියන විදිහට, මේ report එක එන්න දවස් 1 - 3 ත් අතර කාලයක් ගත වෙනවා. එ් වගේම report එක download කරගන්න සති කිහිපයක් අපිට ලැබෙනවා. ඊට පස්සේ එ් report එක delete වෙලා යනවා. එ් වගේම අපේ group වල නම්, contacts, profile photos වගේ user data මේ report එකේ අන්තර්ගත වෙනවා.

දැනට මේ report එක ගන්න පුළුවන් Android වලට තියන Whatsapp beta එකෙන් විතරයි. නමුත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊළඟට එන stable version එකේ මේ feature එක අැතුලත් වෙලා එයි කියලා.