Android One ව්‍යාපෘතිය යටතේ නිකුත් කළ ජංගම දුරකථන අතරින් Xiaomi Mi A1 දුරකථනයට හිමි වුණේ විශේෂ තැනක්.

Google Nexus devices නිෂ්පාදනය කිරීම Google සමාගමෙන් නවතා දැමූ පසු අඩු මුදලකට මිලදීගත හැකි හොඳම ජංගම දුරකතනයක් ලෙස ලොව පුරා මෙම Mi A1 දුරකතනය ප්‍රසිද්ධියට පත් වුණා.

Xiaomi Android One දුරකථන මාලාවේ දෙවන ජංගම දුරකථනය වන Xiaomi Mi A2 එක සහ Mi A2 Lite දුරකථනය අද දිනයේ දී ස්පාඤ්ඤයේදී එළිදක්වනු ලැබුවා.

xiaomi-mi-a2-tech-news-sinhala

Mi A2

පසුගිය වර්ෂයේ Mi A1 දුරකථනය Mi 5X යන දුරකථනයට සමගාමීව නිෂ්පාදනය කරන්නට යෙදුණු අතර අළුත් Mi A2 දුරකථනය Mi 6X ජංගම දුරකථනයට සර්වසම ආකාරයට නිෂ්පාදනය කර තිබෙනවා. මෙම ජංගම දුරකථනය මිලිමිටර් 7.3ක ඝනකමකින් යුතු වන අතර අඟල් 6 ක LCD display එකකින් යුක්ත වෙනවා.

මීට අමතරව Qualcomm Snapdragon 660 SoC එකකින් බලගැන්වෙන මෙහි rear camera පද්ධතිය 12 megapixel සහ 20 megapixel වශයෙන් වූ කැමරා දෙකකින් සමන්විත වෙනවා. එමෙන්ම තවත් 20megapixel camera එකක් front camera එක වශයෙන් යොදාගෙන ඇති අතර එයට selfie flasher එකක් එකතු කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ Mi A2 දුරකථනය RAM සහ storage එක පිළිවෙලින් 4GB/32GB, 4GB/64GB, 6GB/128GB වශයෙන් ප්‍රභේද තුනක් යටතේ අලෙවි කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙන අතර එහි මිළ ගණන් පහත දක්වා ඇති ලෙස වාර්ථා වෙනවා.

RAM/Storage Price
4GB/32GB €250
4GB/64GB €280
6GB/128GB €350

xiaomi-mi-a2-lite-tech-news-sinhala

Mi A2 Lite

Mi A2 Lite දුරකථනය Mi A2 දුරකථනයෙහි ම මිළ අඩු variant එකක් වන අතර එය මම දකින ආකාරයට නම් වැඩියෙන්ම සමානකමක් දක්වන්නේ Mi A1 දුරකථනයටයි. මෙය Snapdragon 625 SoC එකකින් බලගැන්වෙන අතර අඟල් 5.84ක් display එකකින් සමන්විත වෙනවා.

xiaomi-mi-a2-lite-dual-sim-tech-news-sinhala

එමෙන්ම 12 සහ 5 megapixel camera දෙකකින් rear camera පද්ධතිය සමන්විත වන අතර 5 megapixel selfie camera එකකින් ද සමන්විත වෙනවා. මෙය 3GB RAM සහ 32GB Storage මෙන්ම 4GB සහ 64GB storage වශයෙන් ප්‍රභේද දෙකක් යටතේ අලෙවි කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

කොහොම නමුත් බාහිර පෙනුම අතින් ගත් විට නම් Mi A2 Lite දුරකථනය ඉතාමත් සිත්ඇදගන්නා සුළු design එකකින් යුක්ත වන අතර notch එකක් සහිත display එකකින් මෙය සමන්විත වෙනවා.

එමෙන්ම එහි මිළ ගණන් පහත දැක්වෙන පරිදි වාර්ථා වන අතර මෙම මස 27 වන දින වන දින ප්‍රංශයේදීත්, අගෝස්තු 8 වන දින ඉතාලියේ සහ අගෝස්තු 10 වන දින ස්පාඤ්ඤයේදීත් මිළදී ගැනීමට විවෘත වෙනවා.

RAM/Storage Price
3GB/32GB €180
4GB/64GB €230

මෙම device දෙකෙහි ම සැබෑ වටිනාකම හා තත්ත්වය පිළිබඳව හරි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙය සැබැවින්ම භාවිතා කරන්නෙකුගේ ප්‍රතිචාර සළකා බැළිය යුතු වන අතර ඒ සඳහා තවත් ටික දවසක් ඉවසා සිටින්නට අපිට සිදු වේවි.