2006 වර්ෂයේදී Twitter platform එක ආරම්භ වන විට අකුරු 140 ක් වැනි සුළු සීමාවකට යටත්ව Tweet කිරීමේ හැකියාව පමණක් ලබාදී තිබුණු අතර පසුව එය අක්ෂර 240 දක්වා වැඩි කිරීමට Twitter සමාගම කටයුතු කරනු ලැබුවා.
ඉන් පසුව මෙයට බොහෝ පහසුකම් එකතු කළ Twitter සමාගම දැන් එයින් ඔබ්බට ගොස්, audio Tweets දැමීමේ හැකියාව ලබාදීමට කටයුතු කර ඇති අතර මේ වන විට iOS පරිශීලකයින් හට මේ අලුත් පහසුකම නිකුත් කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව iOS හරහා Twitter app එක භාවිතා කරනු ලබන පරිශීලකයින් හට photo හෝ video attach කරනු ලබන option එක අසලම audio message record කිරීම සඳහා ද button එකක් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
You can Tweet a Tweet. But now you can Tweet your voice!
— Twitter (@Twitter) June 17, 2020
Rolling out today on iOS, you can now record and Tweet with audio. pic.twitter.com/jezRmh1dkD
එමෙන්ම අනෙකුත් පරිශීලකයින් පළ කර ඇති audio tweets වලට සවන්දීම සඳහා play button එකක් ලබාදී ඇති අතර ඒ හරහා audio tweet එකක් play කරන විට play timeline එකද Twitter iOS app එකේ පහලින් බලාගැනිමට හැකියාව ලැබෙනවා.

තවමත් මෙම audio tweets පහසුකම Android සහ web app එක භාවිතා කරන Twitter පරිශීලකයින් හට ලබා දි නොමැති නමුත් ඉදිරියේදි සැම පරිශීලකයෙකු හටම මෙය භාවිතා කිරිමට හැකියාව ලබාදීමට Twitter ආයතනය කටයුතු කරනු ඇත.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.