ඔයාට අයිති content එකක් අනවසරයෙන් වෙනත් කෙනෙක් විසින් Facebook, Instagram හෝ YouTube ආදියේ පලකර තිබෙනවානම්, ඒ වෙත copyright takedown report එකක් sumbit කරන්නේ මෙහෙමයි.


බොහොමයක් content creatorsලා මාත් එක්ක කතාකරන එක් ගැටළුවක් තමයි, තමන් විසින් නිර්මාණය කරන Photos/Videos වැනි content වෙනත් පුද්ගලයන් විසින් අනවසරයෙන් වෙනත් Channels/Page සහ Profile වල upload කිරිම එහෙම නැත්නම් මේකට Copyright infringement කියලත් කියනවා.

මට එන බොහොමයක් ගැටළුවලදි අදාල මුල් conetnt එකේ owner එම අනවසර upload කිරිම් ඉවත් කරන ලෙස ඔවුන්ගෙන් පෞද්ගලිකව ඉල්ලා සිටියත් සමහර අය එම ඉල්ලිම් නොසලකා හරිනවා.

ඒ නිසා ඔයාට අයිති content එකක් වෙනත් අය විසින් Facebook, Instagram හෝ YouTube ආදියේ පලකර තිබෙනවානම්, ඒවාට නිවැරදිව copyright takedown report එකක් submit කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් අද මම කතා කරන්න හිතුවා.

Facebook සහ Instagram වලදි copyright takedown report submit කිරිමට හැකි ආකාර කිහිපයක් තිබෙනවා. නමුත් සමහර tools නම් Meta ආයතනය විසින් ලබාදි තිබෙන්නේ තෝරාගත් පරිශිලකයන් ට විතරයි. කෙසේ වෙතත් ඔබට පහත දක්වා ඇති “Copyright Report Form” එක භාවිතයෙන් Facebook සහ Instagram වෙත takedown report එකක් submit කිරිමට හැකියාව තියෙනවා.

Contact Forms

Facebook Copyright Report Form

Login • Instagram
Welcome back to Instagram. Sign in to check out what your friends, family & interests have been capturing & sharing around the world.

Instagram Copyright Report Form

YouTube

YouTube වලත් Facebook වල වගේම ඔබට සෘජුවම takedown report submit කිරිමට හැකියාව තියෙනවා. YouTube studio එකට ගියවිට එහි ඇති “Copyright” කොටස යටතේ ඇති “New removal request” යටතේ ඔබට එම Form එක ලබාගන්න පුළුවන්. එහෙම නැති නම්, පහත Link එක ඔස්සේත් මේ Form එක ලබාගන්න ඔබට හැකියාව තියෙනවා.

YouTube
Share your videos with friends, family and the world

YouTube Request video removal Form

Copyright takedown request එකක් submit කිරිමේදි සැලකිලිමත් විය යුතු කරුණු:

  • මුලිකව ඔබට මෙලෙස වෙනත් කෙනෙක් upload කර ඇති content එකක් ඉවත්කිරිමට ඉල්ලීමක් ඉදිරිපත් කල හැක්කේ අදාල content එකේ අයිතිය ඔබ සතුනම් පමණයි.
💡
(උදා: ඔබගේ මිතුරෙකුට අයිති videoවක් වෙනත් කෙනෙක් පලකරතිබෙනවා දුටු පමණින් මුල් අයිතිකරුගෙ අවසර නැතුව takedowm request යොමුකිරිමට හැකියාවක් නැත.)
  • මෙම copyright tools වලින් ඔබ, ඔබට අයත් නොවන content report කළහොත් අදාල පුද්ගලයන්/ආයතන වලට ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට හැකියාවක් තිබෙනවා.
  • Report එක submit කිරීමේදි සියලු විස්තර සත්‍ය සහ නිවැරදි ලෙස පිරවීමට වග බලාගත යුතු අතර, ඔබ වැරදි විස්තර ඉදිරිපත් කළහොත් එම takedown එක සාර්ථක නොවෙන්න ලොකු ඉඩක් තිබෙනවා.
  • Takedown request එකක් submit කර සැනින් එම content එක ඉවත් නොවන අතර සියලු request ආදල සමාගම් වලින් review කිරීමක් සිදු කරනු ලබනවා.
  • ඔබ takedown කිරිමක් සිදුකල පසු ද ඒ පිළිබද ප්‍රශ්න කිරිමට/එකග නොවිමට අනෙක් පාර්ශවයටද අවස්ථාව ලබාදි තිබෙන අතර බොහෝවිට ඒ ආකාරයේ ගැටලු නිතිමය ක්‍රියාමාර්ග ඔස්සේ විසඳා ගැනීමට දෙපාර්ශවයට සිදු වෙනවා.
  • ඔබ YouTube upload කරන ලද video එකක් වෙනත් පුද්ගලයෙකු විසින් Facebook upload කර ඇති බව සිතන්න, එවැනි අවස්ථාවන් වලදි වුවත් ඔබට takedown request එකක් ඉදිරිපත් කල හැකි අතර content එකෙ අයිතිය ඔබට ඇති බව තහවුරු කල විට අනෙක් පාර්ශවයන් විසින් upload කරන ලද content එක takedown විම සිදු වෙනවා.