2026 දි Mercedes F1 ලට එයාලගෙ 2014දි තිබුන සාර්ථකත්වයට ආපහු යන්න පුලුවන් වේවිද ? එහෙමත් නැත්නම් Ferrari කණ්ඩායමේ Lewis Hamilton ට 8 වෙනි ලෝක ශූරතාවය ගන්න පුලුවන් වෙයිද? එහෙමත් නැත්නම් දැනට තියෙන McLaren ලගෙ dominance එක වෙනසක් නැතුව ඉස්සරහට යාවිද?


2022 අවුරුද්දෙදි Ground Effect Era එක පටන් ගත්තට පස්සෙ 2024 මැද භාගය වෙනකල් Formula 1 වල රජකලේ Max Verstappen ප්‍රමුඛ Oracle Red Bull Racing (ORBR) කණ්ඩායම. ඒත් Adrian Newey, ORBR වලින් සමුගන්නවත් එක්කම Red Bull ලට Formula 1 වල තිබුන advantage එක නැතිවුනා.

එතනින් පස්සෙ McLaren සහ Ferrari අතර තිබුන development battle එකෙන් McLaren ල මේ වෙද්දි ඉදිරියට ඇවිදින් 2025 අවුරුද්දෙ constructor championship එක සහ Oscar Piastri විසින් drivers' championship එකේ නායකත්වය අරගෙන තියෙනවා.

මේ හැමදෙයක්ම 2026 අවුරුද්දට යද්දි සම්පූර්නෙන්ම අනිත් පැත්තට හැරෙන්න ලොකු හැකියාවක් තියෙනවා, ඒ FIA එකෙන් 2026 අවුරුද්ද සඳහා ඉදිරිපත් කරලා තියෙන අළුත් තාක්ෂණික රෙගුලාසි නිසා, 2022 අවුරුද්දෙ පටන් ගත්තු ground effect cars වල තිබුන ගොඩක් ප්‍රශ්න නැති වෙනවා වගේම internal combustion engine එක සහ electric system එක අතර වෙන power split එක 50/50 වලට යොමු වෙනවා.

මේ නිසා දැනට තියෙන simulations වල හැටියට 2014 දි උනා වගේ කාර් එකේ overall speed එකට බලපාන ප්‍රධානම කොටසක් විදිහට engine එක බලාගන්න පුලුවන් වෙනවා.

ඉතින් දැනට Paddock එකේ තියෙන කටකතා හැටියට 2014 දි උනා වගේම මේ Engine War එකෙන් ‍‍ලොකු ප්‍රගතියක් අත්කරගන්න Mercedes ලට පුලුවන් වෙලා තියෙනවා (Mercedes කියන්නෙ Formula 1 Team එක නෙවෙයි, Formula 1 engine supplier.

Formula 1 Engine Suppliers for 2026

මෙයාලා 2026 අවුරුද්දෙදි AMG Mercedes, McLaren, Williams සහ Alpine ලට engine supply කරනවා), 2014 දි උනා වගේම 2026 ඉඳලා මීළඟ engine regulation එනකල් තියෙන කාලය dominate කරන්න Mercedes F1 ලා ඇතුලු එයාලගෙ engines පාවිච්චි කරන ටීම්ස් බලාපොරොත්තු වෙනවා. මීට අමතරව Red Bull Ford, Honda, Audi සහ Ferrari කියන Engine 2026 අවුරුද්දෙ F1 Teams වලට පාවිච්චි කරන්න හම්බවෙනවා.

ඉතින් 2026 දි Mercedes F1 ලට එයාලගෙ 2014දි තිබුන සාර්ථකත්වයට ආපහු යන්න පුලුවන් වේවිද ? එහෙමත් නැත්නම් Ferrari කණ්ඩායමේ Lewis Hamilton ට 8 වෙනි ලෝක ශූරතාවය ගන්න පුලුවන් වෙයිද? එහෙමත් නැත්නම් දැනට තියෙන McLaren ලගෙ dominance එක වෙනසක් නැතුව ඉස්සරහට යාවිද? 2026 මාර්තු 8 වෙනිදා Australia වෙදි අපිට ඒ ප්‍රශ්න වලට පිළිතුරු දැකගන්න ලැබේවි.