Elon Musk ගේ මූලිකත්වයෙන් SpaceX ආයතනය විසින් Starlink ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වූයේ මුලු ලොවටම අඩු මිලට අන්තර්ජාල සබඳතාව ලබා දීම සඳහා communication satellite network එකක් නිර්මාණය කිරීම වන අතර, මේ සඳහා satellite 12,000ක ප්‍රමාණයක් ගුවන්ගත කිරීමට සැළසුම් කර තිබෙනවා.
පසුගිය මැයි මාසයේදී SpaceX ආයතනය විසින් මෙම satellite ජාලයේ මූලික අදියර වශයෙන් satellite 60ක් සාර්ථකව ගුවන්ගත කිරීමට සමත් වූ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
Successful deployment of 60 Starlink satellites confirmed! pic.twitter.com/eYrLocCiws
— SpaceX (@SpaceX) May 24, 2019
කොහොම නමුත් මේ වන විට එම චන්ද්‍රිකා 60 අතුරින් 3ක් සමඟ සම්බන්ධ වීමේ හැකියාව අහිමි වී ගොස් ඇති අතර මේ අනුව තවදුරටත් එම චන්ද්‍රිකා පාලනය කිරීමේ හැකියාව පොලොව මත තිබෙන පාලන මධ්‍යස්ථානයට හැකියාවක් නොමැති බව වාර්ථා වෙනවා.
අදාල චන්ද්‍රිකා ත්‍රිත්වය පාලනයෙන් තොර නිසාවෙන් කෙමෙන් කෙමෙන් පෘථිවියේ කක්ෂයෙන් මිදී පෘථිවිය දෙසට ඇදී එනු ඇති අතර අවසානයේදී වායුගෝලයේ ඉහළදී දැවී යනු ඇත.

SpaceX ආයතනය විසින් දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින තවත් චන්ද්‍රිකා දෙකක් භාවිතා කර අදාල චන්ද්‍රිකා වලට පෘථිවි කක්ෂයෙන් මිදීමේ හැකියාව පිළිබඳව පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා phys.org වෙබ් අඩවිය, mirror වෙබ් අඩවිය හා metro වෙබ් අඩවිය භාවිතා කළ හැක.