ඔයාල ගොඩ දෙනෙක් දන්නවත් ඇති Podcasts ගැන වගේම ලංකාවේ සිංහල Podcasts ගැන.
ඒත් දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක අද කතා කරන්නේ ලංකාවේ සිංහල Podcasts ගැන.

  • Illumination Cast
  • Hyperstella Podcast
  • Techකතා – ටෙක්නොලොජි සිංහලෙන් Podcast
  • Topic Eka – Topic 1 Podcast

Podcasts කියන්නේ මොනවද?

මේ Podcasts කියන්නේ කලින් record කරන ලද එහෙමත් නැත්තම් pre recorded සංවාදාත්මක ස්වරූපයෙන් ගොඩනැගුණු වාර්ථා වැඩසටහනක්.ඒ කියන්නේ මේවා අහන්න කම්මැලි නෑ Radio praograms වගේ වෙලාවටම අහන්න ඕනි කියලා එකකුත් නෑ.

Podcasts හරියට Radio praogram එකක් වගේ ඒත් මේවා Podcast app එකකින් හරි download කරගෙන හරි අහන්නත් පුළුවන්. ඉතින් මේ Podcasts වල අපි නොදන්න ගොඩක් දේවල් කතා වෙනවා. විද්‍යයාත්මක හා තාක්ශණික Podcast කීපයක නම් තමයි මම මුලින් සඳහන් කරල තියෙන්නේ.

Illumination Cast එකේ එක season එකක් ඉවර වෙලා දෙවනි season එකත් මේ වෙනකොට විකාශය වෙනවා. ඒ වගේම අනිත් ඒවත් ටිකින් ටික ඉදිරියට එනව පේන්න තියනවා. Technology පැත්තට කැමති අයට මම ආරාධනා කරනවා මේව යන එන ගමන් මගතොටේදි බස් එකේදි එහෙමත් නැත්නම් dirve කරද්දි හරි එහෙමත් නැත්තම් free time එකක් තියන් ඕනම වෙලාවක අහල බලන්න කියලා.