Cencora විසින් මේ වසර මුලදී දත්ත පිටවීමකින් (Data Breach) ඔවුන්ගේ පුද්ගලික සහ ආරක්ෂිත සෞඛ්‍ය තොරතුරු අනතුරට ලක්වූ බව එක්සත් ජනපදය වටා මිලියනයකට අධික පිරිසකට දැනුම් දී ඇති බව Tech Crunch වෙබ් අඩවිය සොයාගෙන තිබේ.

Cencora සමාගම මැයි මාසයේදී පැවසුවේ, පෙබරවාරී මාසයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් රෝගින්ගේ දත්ත මෙලෙස අනතුරට ලක්වූ බවය. 2023 වන තෙක් Amerisource Bergen ලෙස හැදින්වූ Cencora එහි දත්ත අනතුරට ළක්වී​මේ ​ නිවේදනයෙන් පවසන්නේ රෝගීන්ගේ නම්, ඔවුන්ගේ තැපැල් ලිපින සහ උපන් දිනය මෙන්ම ඔවුන්ගේ​ ඖෂධ, බෙහෙත් වට්ටෝරු වැනි සංවේදී දත්තයන්​ද Breach වී ඇති දත්ත අතරට ඇතුළත් බවයි.

මෙම සිද්ධිය Hacker වරුන් පිරිසක් විසින් සිදු කරන ලද්දක්ද නැත්නම් ඔවුන් තුළ ඇති ආරක්ෂණ පද්ධතිවල දෝෂයක්ද යන බව හෝ මෙවැනි​ දත්ත අනතුරට පත්වීමට හේතුව ප්‍රකාශ කිරීම Cencora ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම මෙම Data Breach එක සම්බන්ධව දැනුම් දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ඔවුන් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නොමැ​ත.

නමුත් මෙම Data Breach එක පිලිබඳ​ව Tech Crunch වෙබ් අඩවිය මගින් සිදුකරන ලද විශ්ලේෂණයකින් පෙන්නුම් කර තිබෙන්​නේ අවම වශයෙන් පුද්ගලයින් මිලියන 1.43 කට පමණ මෙම දැනුවත් කිරීම කර ඇති බවයි.

Data Breach එක මඟි​න් දත්ත අනතුරට ලක්වීමෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවද අන්තර්ජාතික පුව​ත් පවසයි. ඔවුන් එසේ ප්‍රකාශ කරන්​නේ Cencora විසින් මෙම වසර මුලදී අවම වශයෙන් රෝගීන් මිලියන 18කට පමණ සේවය කර තිබෙන නිසාය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය සහ Reuters අඩවිය භාවිතා කළ හැක.