OnePlus සමාගම විසින් ඔවුන්ගේ අළුත් Flagship smartphone එක ගැන නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව ඔන්න දැන් අමුතුම ආකාරයේ තවත් නිවේදනයක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා.
2019 වර්ෂයේදී OnePlus සමාගම විසින් ඔවුන්ගේම TV එකක් වෙළඳපොලට හඳුන්වාදීමට නියමිත බව OnePlus සමාගමේ නිර්මාතෘ වන Pete Lau විසින් OnePlus forum එකේ post එකක් මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
OnePlus සමාගමේ නිෂ්පාදන අතර ඔවුන්ගේ ජංගම දුරකථන හැරුණු විට Wireless headset, Backpacks වැනි කුඩා accessories තිබුණත්, TV එකක් වැනි විශාල මිළකට අලෙවි වන වෙනත් නිෂ්පාදන කිසිවක් දකින්නට ලැබෙන්නේ නැහැ.
මේ ගැන තවමත් වැඩි විස්තරයක් දැනගන්නට නොලැබුණත්, “the first step in building a connected human experience.” යනුවෙන් Pete Lau විසින් ප්‍රකාශ කර ඇති නිසාවෙන් මෙය Smart Home concept එකට අනුව නිර්මාණය කරනු ඇතැයි අනුමාන කළ හැකි වෙනවා.
Excited to take the next step forward together! What would you like to see in the OnePlus TV? Have ideas for a name? ✍️Let us know here: https://t.co/IpSnDtPxkT
— Pete Lau (@petelau2007) September 17, 2018
මේ අළුත් TV එක නිර්මාණය කරනු ලබන department එක ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන department එකෙන් වෙන්ව පවතින අතර එය Pete Lau විසින් ම අධීක්ෂණය කරනු ලබනවා. එමෙන්ම තවමත් මෙම ව්‍යාපෘතිය මුල් අවධියේ පවතින බැවින් OnePlus පාරිභෝගිකයින්ගෙන් අදහස් ලබාගෙන ඒ අනුව මෙහි නිර්මාණ කටයුතු වැඩිදියුණු කිරීමටත් ඔවුන් බළාපොරොත්තු වෙනවා.