පසුගිය 31 වෙනිදා සෙනෙට් අධිකරණ කමිටුව හමුවට Meta, TikTok, Snapchat, Discord සහ X යන සමාජ මාධ්‍ය නාළිකාවල විධායක නිළධාරීන් කැඳවා තිබුණා. ඒ සමාජ මාධ්‍ය හරහා සිදුවන ළමා හිංසන, සූරාකෑම් සහ ළමා ආරක්ෂාව පිළිබඳව නඩු විභාගයකටයි.
Addictive features, ලිංගික විලෝපිකයන්, Suicide Attempts, Bullying ඇතුළු විවිධ ගැටළුකාරී තත්ත්ව ගණනාවක් මේ වන විට යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ඔස්සෙ මුහුණ දෙමින් සිටිනවා. කෙසේවෙතත් නීති සම්පාදකයන් සහ ළමා උපදේශකයන් පවසන්නේ අදාළ සමාජ මාධ්‍ය සමාගම් ළමයින් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවයි.
මෙහිදී සමාජ මාධ්‍ය නිසා හිංසනයට, මරණයට වගේම විවිධ පීඩාකාරී තත්ත්වයන්ට ලක්වූ ළමයින්ගේ දෙමාපියන් සෙනෙට් අධිකරණය හමුවට වාර්තාගත සාක්ෂි ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂිත වූ කාරණාව වන්නේ, සමහර මියගිය ළමුන්ගේ ඡායාරූප ඇතුළත් පුවරුද රැගෙන දෙමාපියන් සෙනෙට් අධිකරණ පරීශය තුළ සිය නිහඬ විරෝධය සමාජ මාධ්‍ය නාළිකා වෙත දැක්වීමයි.
"They’re responsible for many of the dangers our children face online.” ලෙස නඩු විභාගය ආරම්භයේදීම සෙනෙට් සභාවේ මුලසුන දරන Whip Dick Durbin අදහස් දැක්වීය. ඔහු විසින් පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය නාළිකා ළමයින්ගේ ආරක්ෂාවට වඩා වැඩි සැළකිල්ලක් Engagement සහ සිය සමාගම්වල Profit නැතිනම් ලාභය මත යොදවා ඇති බවයි.
මෙහිදී සිදුවූ තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ, සෙනෙට් සභික Josh Hawley විසින් Mark Zuckerberg සමඟ උණුසුම් ප්‍රශ්නෝත්තර සැසියකට පිවිසීමයි. එහිදී Hawley විසින් විමසා සිටියේ “වින්දිතයන්ගෙන් කිසිවෙකුට හෝ ඔවුන්ගේ පවුල්වලට මුහුණ දුන් දේ සඳහා පුද්ගලිකව වන්දි ලබා දී ඇත්ද?” යන්නයි. Zuckerberg විසින් එයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර සිටියේ “මම හිතන්නේ නැහැ,” ලෙසයි. “මෙතන වින්දිතයන්ගේ පවුල් ඉන්නවා. ඔබ ඔවුන්ගෙන් සමාව ගැනීමට කැමතිද?" නැවත Hawley විමසා සිටියා. ඒ අවස්තාවේදී Zuckerberg සිටගෙන, සෙනෙට් සභිකයන්ගෙන් ඉවතට හැරී ගැලරියේ සිටි ළමයින්ගේ දෙමාපියන්ට සිය කණගාටුව ප්‍රකාශ කිරීම විදෙස් මාධ්‍ය වල වැඩි අවධානයකට ළක් වුණා.
මීට අමතරව Snapchat සමාජ මාධ්‍ය නාළිකාව නියෝජනය කරමින් එහි විධායණාක නිළධාරී Evan Spiegel විසින් නඩු විභාගයට පෙරාතුවම පවසා සිටියේ බාලවයස්කරුවන්ට හානිකර content recommend කරන සමාජ මාධ්‍ය නාළිකා සඳහා නීතිමය වගකීමක් ඇති කරන ෆෙඩරල් පනතකට සිය සමාගම සහාය දක්වන බවයි.
එමෙන්ම TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Shou Zi Chew, චීන ජාතිකයෙක්ද සහ චීන කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධද යන්න පිළිබඳව සෙනෙට් සභික Tom Cotton විසින් යොමු කර ප්‍රභල ප්‍රශ්න කිරීම් කිහිපය විදෙස් මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද කැපී පෙනීමකට ළක් වුණා. කෙසේ වෙතත් Shou Zi Chew විසින් තරයේ ප්‍රකාශ කර සිටියේ තමන් සිංගප්පූරු ජාතිකයෙක් බවත් චීන කොමියුනිස්ට් පක්ෂය හා කිසිඳු සම්බන්ධයක් නැති බවයි. එමෙන්ම වයස අවු. 13 ට අඩු බාලවයස්කරුවන් සඳහා TikTok සමාජ මාධ්‍ය නාළිකාව භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන්ද සිය සමාගම කටයුතු කිරීමට සුපරීක්ෂාකාරී වන බව ඔහු විසින් පවසා සිටියා.
X (Twitter) විධායක නිළධාරී Linda Yaccarino පවසා සිටියේ සිය සමාජ මාධ්‍ය නාළිකාව ළමුන් සඳහා නොවන බවත් ළමා සූරාකෑමට ගොදුරු වූවන්ට මෙන්ම තාක්ෂණික සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පහසු කරන ෆෙඩරල් පනතක් වන Stop CSAM පනතට ද සිය සමාගම සහාය දෙන බවයි.
වැඩිදුරටත් සෙනෙට් සභාව හමුවේ ආරක්ෂිත සමාජ මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින තරුණ නායකත්වයෙන් යුත් සන්ධානයක් වන Design It For Us හි සම සභාපති Zamaan Qureshi පැවසුවේ සමාජ මාධ්‍ය සමාගම් විසින් ළමා ආරක්ෂාව සහ පෞද්ගලිකත්ව තීරණවලට මුහුණ දෙන විට ලාභය මූලික සැලකිල්ලක් නොවිය යුතු බවයි.
කොහොම නමුත් මෙවර සෙනෙට් සභාව හමුවේ පැවති නඩු විභාගය පිළිබඳව සහ සෙනෙට් සභිකයන්ගේ උණුසුම් ප්‍රශ්න කිරීම් පිළිබඳව වින්ඩිතයන් ලෙස පෙනී සිටි දෙමාපියන් තුළ පැවතියේ ඉතා හොඳ පැසසුමක්ය.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා VOA News වෙබ් අඩවිය සහ CNN News වෙබ් අඩවිය භාවිතා කළ හැක.