In-display fingerprints තාක්ෂණය, ජංගම දුරකථන සඳහා වන විශිෂ්ටතම සොයාගැනීමක් වුවත් තාමත් මේ තාක්ෂණය පවතින්නේ එහි උපරිම තත්ත්ව‍යේ නොවේ.

මේ නිසාම In-display fingerprints තාක්ෂණය ඇති ජංගම දුරකථන Unlock කිරීම ඇතැම් විට තවමත් පරිශීලකයන්ට සුවපහසු අත්දැකීමක් ගෙන දෙන්නේ නැහැ.

කොහොම වුණත් Vivo සමාගම පසුගියදා හඳුන්වා දුන් iQOO 8 Pro ජංගම දුරකථනයක් ඔබ සතු නම්, In-display fingerprints experience එක, තවදුරටත් ඔබව කලකිරීමකට පත් කරවන අත්දැකීමක් නොවනු ඇති.

ඊට හේතුව නම් දැනට ජංගම දුරකථනයක් සතු වේගවත්ම ultrasonic fingerprint scanner එක මෙම දුරකථනය සතු වීම වෙන අතර, එය එතරම් වේගවත් ද කියනවා නම් තත්පර 0.2 ක දී ඔබේ ඇඟිලි සලකුණ හඳුනාගෙන දුරකථනය unlock කිරීමට එය සමත් වෙනවා.

මෙහි fingerprint sensor එකේ scanner area එක සාමාන්‍යය scanner area එකක් මෙන් 11 ගුණයකින් පමණ විශාල වන අතර, unlocking speed එක 38.7%කින් පමණ වැඩිදියුණු කිරීමට ඔවුන්ට හැකි වී ඇති බව Vivo සමාගම ප්‍රකාශ කරනවා.

මෙහි වාසිය නම්, දුරකථනය unlock කරන විට ඔබට මෙම area එකේ ඕනෑම තැනක ඇඟිල්ල තබා Unlock කිරීමට හැකි වීම වෙන අතර, වෙනත් දුරකථන වල මෙන් නිශ්චිත ස්ථානයේම කිහිප වරක් ඇඟිල්ල තැබීම අවශ්‍ය වන්නේ නැහැ.

Fingerprint scanner එකක් setup කරන විට, ඔබට එය 100% සම්පූර්ණ වනතුරු අවස්ථා රාශියකදී ඇඟිල්ල Scanner එක මත තැබීම අවශ්‍ය වෙන අතර, මෙම කම්මැලි සහගත process එකට අඩුම ගණනේ විනාඩියක් වත් වැය වෙනවා.

නමුත් මෙම ultrasonic fingerprint 3D scanner එක මත එක වරක් පමණක් ඇඟිල්ල තැබීම ප්‍රමාණවත් වෙන අතර, එම පළමු අවස්ථාවෙන්ම සම්පූර්ණ Setup එක 100% ක් සම්පූර්ණ වෙනවා.

මීට අමතරව ඇඟිලි දෙකක් එකවර scan කළ හැකි double finger authentication ක්‍රමයක් ලෙස ද මෙය භාවිතා කළ හැකි අතර විශේෂයෙන්ම payments ආදිය approve කිරීමේදී මෙම පහසුකම ඉතාමත් වැදගත් වෙනවා.

ඉහත වීඩියෝව මඟින් සාමාන්‍ය දුරකථනයක ඇති in-dispaly fingerprints sacaner එකක් හා iQOO 8 Pro හි ඇති ultrasonic fingerprint 3D scanner එකෙහි වේගවත් බව හා setup කිරීමෙ පහසුව කොතරම්ද යන්න දැනගත හැකියි.

මෙම සුපිරි fingerprints sacaner එක සම්ඟ එන අඟල් 6.7 ක LTPO Amoled තිරයක් ඇති Vivo iQOO 8 Pro දුරකථනය $650 ක මුදලකට හඳුන්වාදීමට Vivo සමාගම කටයුතු කර තිබෙනවා.

Update: 19/08/2021  3:11PM
වැරදීමකින් iQOO ජංගම දුරකථන මාදිලිය අයත් සමාගම Oppo ලෙස සඳහන් කර තිබූ අතර එය Vivo සමාගම ලෙස වෙනස් කරන ලදී. වරද පෙන්වාදීමට කටයුතු කළ පාඨක ඔබට අපගේ හද පිරි ස්තූතිය පිරිනමන්නෙමු.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Sparrownews වෙබ් අඩවිය භාවිතා කළ හැක.