වර්තමානයේ පැතිර යමින් පවතින COVID-19 වෛරස් බලපෑම නිසා ජන ජීවිතය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාමේ අභියෝගයකට මුහුණ දී ඇති පසුබිම තුළ සිය පරිශීලකයින් හට ඒ සමඟ ගනුදෙනු කිරීමට ඇති පහසුකම් වැඩි දියුණු කිරීමට Google සමාගම කටයුතු කරමින් සිටින බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ අනුව ලොව පුරා වැඩිම පිරිසක් භාවිතා කරන Navigation App එකක් වන Google Maps සේවාව වෙත COVID-19 බලපෑම නිසා සංචරණයේදී, එහෙමත් නැතිනම් ගමනාගමන කටයුතු වලදී සිදුවිය හැකි බාධාකාරී තත්ත්වයන් පිළිබඳව තොරතුරු ඇතුළත් කිරීමට සූදානම් වනවා.

ඔවුන්ගේ නිළ Bolg අඩවියෙහි post එකක් පළ කරමින් Google සමාගම මේ පිළිබඳව තොරතුරු නිකුත් කර ඇති අතර මෙහි වාසිය නම් පරිශීලකයින් හට යම් ස්ථානයකට හෝ රටකට පිවිසීමේ දී ඒ ඒ ස්ථානවල සංචරණය සම්බන්ධයෙන් පනවා ඇති නීති රීති කලින්ම දැනගත හැකිවීමයි.

මේ අනුව Argentina, Australia, Belgium, Brazil, Colombia, France, India, Mexico, Netherlands, Spain, Thailand, United Kingdom සහ US යන රටවල පරිශීලකයන් හට මහජන සේවා තාවකාලිකව අත්හිටුවා ඇති බවට වූ පණිවිඩයක් ලැබෙනු ඇති.

සමහර රටවල් මේ වන විට පොදු ප්‍රවාහන සේවාවන් සීමා කර ඇති නිසා මෙම navigation page එකේ public transport option එක select කිරීමෙන් පරිශීලකයන්ට ඒ සම්බන්ධ තොරතුරු ද දැනගත හැකි වෙනවා.

Canada, Mexico සහ United States යන රටවල ඇති දේශසීමා තරණය කරන විට රියදුරන් හට අනතුරු ඇඟවීම් ලබා දීම මෙන්ම වෛද්‍ය පහසුකම් ඇති ස්ථාන පෙන්වීමද මෙලෙස අලුතෙන් එකතු වන features අතර වෙනවා.

View post on imgur.com

කෙසේ වෙතත් දැනට සියලුම වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ලබා දීම අපහසු වුවත් අදාළ රෝගියාගේ ස්වභාවය අනුව හොඳම ස්ථානය පෙන්වීමට Google Maps සේවාව සමත් වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම වඩාත් සෙනඟ එකතු වී ඇති දුම්රිය ස්ථාන හා වෙතත් එවැනි ස්ථාන පිළිබඳවද Google Maps හරහා ඔබට තොරතුරු ලබා දෙන අතර එමඟින් එවැනි ස්ථාන මගහැර කටයුතු කිරීමේ හැකියාව පරිශීලකයන් හට ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.