ඔයාගේ Chrome browser එකත් slow වෙලා වගේ දැනෙනවාද? ගොඩක් වෙලාවට ඒ malware වලින් ඔයාගේ web browser එක අවුල් වෙලා ගිහින් නිසා වෙන්න පුළුවන්. නමුත් Google Chrome එකේ මේ malware හොයාගෙන ඒවා ඉවත් කරන්න පුළුවන් විදිහේ "Cleanup" කියලා malware scanner එකක් තියනවා කියලා ඔයා දැනගෙන හිටියාද?

ප්‍රසිද්ධ ආරක්ෂක මෘදුකාංග නිෂ්පාදනය කරන ආයතනයක් වන ESET ආයතනයේ නිෂ්පාදිත detection engine එකක් Google Chrome එක්ක එකතු කරලා තමයි මේ පහසුකම ලබා දෙන්නේ.

මේ utility එක වරින් වර background process එකක් ආකාරයෙන් වැඩ කරන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. නමුත් පහළ කියලා තියන විදිහට ඔයාට ඕන නම් පුළුවන් මේක manually run කරන්න. මේක කරන්න ක්‍රම දෙකක් තියනවා.

  1. ඔයාගේ Chrome browser එකේ address bar එකේ මෙන්න මේ address එක chrome://settings/cleanup paste කරලා enter key එක ඔබන්න
  2. එහෙමත් නැත්තම්, Settings > Advanced > Reset and clean up > Clean up computer කියන options ඔස්සේ ගියත් මේකට පිවිසෙන්න පුළුවන්

Chrome Cleanup Tool

ඉතින් ඔයාගේ browser එක ගොඩක් slow වෙලා වගේ දැනෙනවා නම් මේක run කරලා බලන්න. නමුත් මතකයේ තියාගන්න ඕන දෙයක් තමයි, මේක මේ ඔයාගේ පරිගණකයේ තියෙන හැම malware එකක්ම හොයන්නේ නැහැ. මේකෙන් scan කරන්නේ Chrome එකට සම්භන්ධතාවයක් තියන දේවල් විතරයි.

Chrome Cleanup tool results

කොහොම වුණත් මේ වෙනකොට අපි වැඩිපුරම භාවිතා කරන, ඒ වගේම අපේ පෞද්ගලික data ගොඩකට access තියන tool එකක් වෙන web browser එකට මේ වගේ ආරක්ෂිත උපක්‍රමයක් තියන එක ගොඩක් වටින දෙයක් වෙනවා.