Google සමාගමේ විශාලතම තාක්ෂණික event එක වන Google I/O event එක Mountain View වල Shoreline Amphitheatre හි දී පැවැත්වීමට සැළසුම් කර තිබුණත්, එම event එක අවලංගු කිරීමට තීරණය කර ඇති බව මේ වන විට Google සමාගම ප්‍රකාශ කරනවා.
මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ලොව පුරා ඉතාමත් වේගයෙන් පැතිරී යන COVID-19 වෛරසය පිළිබඳව ඇති අවධානම වන අතර ඔවුන් පවසා සිටින්නේ මෙහි physical event එක අවලංගු කරන බවයි.
We are exploring new ways to connect and support our global developer community. Stay tuned.
— Google Developers (@googledevs) March 3, 2020
More info soon → https://t.co/mSTQKlTa90 (2/2)
මේ අනුව මීට අදාලව digital event එකක් පැවැත්වීමට බොහෝ විට Google සමාගම කටයුතු කරනු ඇති නමුත් තවමත් ඒ පිළිබඳව නිළ තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.
පසුගිය ජනවාරි මාසයේදී annouce කළ මේ Google I/O 2020 event එකට සහභාගී වීම සඳහා පසුගිය මාසය වන විට tickets මිලදීගැනීමට අවස්ථාව ලබාදී තිබුණු අතර මෙලෙස ticket මිලදීගත් පුද්ගලයන් හට ඊට අදාල refund එක මාර්තු 13 වැනි දිනට ප්‍රථමව ලබාදීමට කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

එමෙන්ම මෙවර event එකට register වූ පුද්ගලයන් හට 2021 වර්ෂයේ event එකට අදාල දිනුම්ඇදීම් වලට සහභාගී වීම අනවශ්‍යය බවත්, ඔවුන් නිතැතින්ම එයට ඇතුලත් කරනු ලබන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
මීට අමතරව Google I/O event එක වෙනුවෙන් සූදානම් වූ Mountain View අවට කුඩා ව්‍යාපාර වලට මේ event එක අවලංගු කිරීම නිසාවෙන් ඇති වන අපහසුතාවය මගහැරවීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් වෙන් කිරීමට ද Google සමාගම කටයුතු කර තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google I/O වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.