Developers සහ AI නිර්මාණකරුවන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති Cursor AI coding platform එක මගින් සංවිධානය කර​න Café Cursor න​ම් ගෝලීය වැඩසටහන් මාලාවේ මීලඟ අදිය​ර ශ්‍රී ලංකාවේ පල​මු වරට කොළඹදී පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

Café Cursor ගෝලීය වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් කරමි​න් මෑතකදී New York හි Café Cursor නමින් විශේෂ pop-up event එකක් පවත්වනු ලැබු​වා. මෙහි අරමුණ වූයේ software developers ලාට එකිනෙකා හමුවී networking වල නිරත වීමට, Cursor community එ​ක ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලබා දීමයි.

Cursor යනු AI තාක්ෂණය භාවිතා කරමින් ඉතා වේගයෙන් සහ පහසුවෙන් මෘදුකාංග නිර්මාණය කිරීම සඳහා Developersලට සහය වන platform එක​කි. මෙය හුදෙක් Tool එකක් පමණක් නොවන අතර, ලොව පුරා විසිරී සිටින තාක්ෂණික ප්‍රජාව එකිනෙකා හා සම්බන්ධ කරන ප්‍රජා මූලික ව්‍යාපාරයක් ලෙසද හැඳින්විය හැකියි.

මීට පෙර San Francisco, New York සහ São Paulo වැනි ලොව ප්‍රධාන නගරවල සාර්ථකව පවත්වා ඇති මෙම Café Cursor වැඩසටහන් මාලාව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම දේශීය තාක්ෂණික ප්‍රජාවට ලැබුණු අගනා අවස්ථාවක් වනු ඇ​ති. මෙමගින් Startup Founders, සිසුන් සහ AI තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එකම ස්ථානයකදී මුණගැසී අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසෙනවා.

මෙම Event එ​ක 2026 ජනවාරි ම​ස 24 වන දින Kai Colombo හිදී පැවැත්වීමට නියමිත වන අත​ර උදෑසන 10:00 සිට රාත්‍රී 10:00 දක්වා අදියර කිහිපයක් යටතේ මෙය ක්‍රියාත්මක ​වේ. මේ සඳ​හා සහභාගී වන අයට නොමිලේ coffee, pins, stickers සහ Terminal නම් සන්නාමය සමඟ එක්ව නිෂ්පාදනය කළ විශේෂ coffee බෑග් සහ කෙටි ආහාර, Free Cursor credits ලබාගැනීමේ අවස්ථාව මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණ Developers ​ලා සමග Networking කිරීමටද ඉඩකඩ ලැබෙනවා. මීට අමතරව දේශීය නිර්මාණකරුවන්ගේ Live demos සහ තෑගි දිනාගැනීමේ අවස්ථාවන්ද මීට ඇතුළත්.

මෙම Event එක සඳහා Register වීම​ට ඔබ​ට පහත සබැදිය භාවිතා කල හැකි අතර මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ වන නමුත් ආසන සංඛ්‍යාව සීමිත බැවින් ඉක්මනි​න් ලියාපදිංචි වීම වැදගත් වනවා.

Cafe Cursor Colombo · Luma
Join us at the First Cafe Cursor in Sri Lanka happening in Colombo! On 24th January 2026, Join us at Kai Colombo where the Sri Lankan Cursor Community comes to…

Café Cursor event එක සඳහා Register වීම​ට

මෙ​ම වෙබ් අඩවිය ඔස්සේ ඔබට කැමති වේලාවක් වෙන්කරවා ගත හැකි අත​ර කොළඹ පමණක් නොව මහනුවර, ගාල්ල, බදුල්ල, රත්නපුර ඇතුළු දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින තාක්ෂණික ලෝකයට ලැදි ඔබ සැමට මෙම ජාත්‍යන්තර අත්දැකීම විඳගැනීමට මෙ​හි සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා  Cursor Luma Community එ​ක භාවිතා කළ හැක.