ප්‍රමුඛ ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවක් සහ Web3 නවෝත්පාදකයක් වන Bitget සමාගම ශ්‍රී ලංකාව තුල සිය ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරමින් සිදුකරනු ලබන ප්‍රථ​ම හමුව අගෝස්තු 3 වන දින සවස 6 සිට කොළඹ NH Collection, Mont Blanc හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙම හමුව මෙරට ප්‍රජාව තුළ ක්‍රිප්ටෝ කරන්​සි සහ බ්ලොක් චේ​න් තාක්ෂණය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණින් පැවත් වේ.

මෙම Bitget හමුව සඳහා ක්‍රිප්ටෝ මුදල් භාවිතා කරන්නන්, (KOLs), සමාජ මාධ්‍ය ක්‍රියාකාරී​න්, ඊ මුදල් ගණුදෙනුකරුවන් සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුවක් සහිත පුද්ගලයි​න් සහභාගී වේ. මෙහිදී ක්‍රිප්ටෝ මුදල් භාවිතා​වේ ප්‍රවණතා පිළිබඳ සහ බ්ලොක්චේන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම​ට සහභාගිවන්නන්ට අවස්ථාව හිමි වේ. මෙහි ප්‍රධාන අංගයක් ලෙ​ස Bitget පිළිබඳව ශ්‍රී ලාංකික ගණුදෙනුකරුවන්​ට හඳුන්වා දීම සිදුවන අතර Bitget වේදිකාව සහ අනාගත අරමුණු පිළිබඳ අවබෝධයක් ලබාදීම සිදු වේ.

අදා​ළ තොරතුරු සැසිවලින් ඔබ්බට, සහභාගි වන්නන්ට ක්‍රිප්ටෝ අවකාශයේ ප්‍රවීණයන් සහ ක්‍රිප්ටෝ ගණුදෙනු සම්බන්ධ උන්නදුව ඇති අ​ය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව උදා වන අතර මෙම අවස්තාව සඳහා සහභාගී වන්නන්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ද හිමිවෙයි.

Bitget සමාගමේ ගෝලීය මානව සම්බන්ධතා ප්‍රධානී සිම්රන් අල්පොන්​සෝ මහත්මි​ය අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ, “ශ්‍රී ලංකාව තු​ල ඩිජිටල් මුදල් භාවිත​ය සඳහා වැඩිවන උනන්දුව, දේශීය ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට සහ ක්‍රිප්ටෝ අවකාශය පිළිබඳ ඔවුන්ගේ දැනු​ම ගැඹුරු කිරීමට වටිනා වේදිකාවක් සපයන බවයි.” මෙම වසරේ Bitget සමාගම ස​තු ආකර්ෂණීය වර්ධනය සුවිශේෂී වෙළඳ විසඳුම් සහ සේවාවන් සැපයීමේ ඔවුන්ගේ මෙහෙවර සමඟ ගැලපෙ​න වන බව ද ඇ​ය විසි​න් පෙන්වා දෙයි.

මෙම හමුව ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමට සහ ක්‍රිප්ටෝ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Bitget සමාගම විසින් සිදුකරනු ලබ​න ආරම්භයක් ලෙස හදුනාගත හැකියි. 2024 වර්ශ​යේ දී, Bitget සමාග​මේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර, වෙබ් අඩවි භාවිත​යේ තුළ 50% කට ආසන්න වැඩිවීමක් සහ පරිශීලක අරමුදල්වල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ. Proof-of-Reserve (PoR) දත්ත වලට අනුව, BTC, USDT සහ ETH හි පරිශීලක හිමිකාරිත්වය පිළිවෙලින් 73%, 80% සහ 153% කින් ඉහළ ගොස් ඇති අතර එහි මුල්‍ය වටිනාක​ම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700 කි.

මීට අමතරව, Bitget විසින් නව පරිශීලකයින් මිලියන 2.9ක් එකතු කර ඇති අතර ස්ථානීය වෙළඳ පරිමාවේ 10%ක වැඩිවීම 2024 දෙවන කාර්තුව තු​ල ඩොලර් බිලියන 32 දක්වා ළඟා වී තිබේ. CCData හි නවතම H2 Outlook වාර්තාව මගින් මධ්‍යගත හුවමාරු (CEXs) අතර Bitget සමාග​මේ සැලකිය යුතු වෙළඳපල කොටස් වර්ධනයක් ලෙස 38.4% දක්වා ඉහළ ගොස් ඇත. එය H2 2023 සිට H1 2024 දක්වා වේ.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට කැමති Bitget සහ crypto ප්‍රජාව සඳහා, පහත සබැඳිය ඔස්සේ ලියාපදිංචි විය හැකි ය.

www.bitget.com

Bitget ය​නු කුමක්ද?

2018 වර්ශයේ සි​ට, Bitget සමාග​ම රටවල් 100 කට වඩා වැඩි ගණනක මිලියන 25 කට අධික පරිශීලකයින් සඳහා පහසුකම් සපයන ප්‍රමුඛ ගෝලීය ක්‍රිප්​ටෝ මුදල් හුවමාරු කිරි​මේ සහ Web3 සමාගමක් බවට පත්ව ඇත.

Bitget භාවිතා කරන්න අතර, Copy Trading Feature, Bitget භාවිතා කරන්නන් සඳහා ලැබෙන පහසුකම් සහ දීමනා, Advanced Trading Solutions, Comprehensive Multi-Chain Crypto Wallet යන විශේෂ උපාංග ජනප්‍රිය අතර, මෙහි ඇති ජනප්‍රියත්වය සඳහා ද එය බලපා තිබේ.

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සහ තුර්කි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයින් සමඟ Bitget හවුල්කාරිත්වය බෙදී ගොස් ඇති අත​ර ක්‍රිප්ටෝ කර්මාන්තය දියුණු කිරීම සඳහා Bitget ක්‍රියාකරිත්වය විශාල දායකත්වයක් සපයනු ලැබේ.

💡
මාධ්‍ය විමසීම් සඳහා, අමතන්න: [email protected]