Bitcoin දීප යනු ශ්‍රී ලංකාව තුළ Bitcoin අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරි ප්‍රථම සහ විශාලම කණ්ඩායම බව ඔබ දැනටමත් දන්නවා ඇති. Ceylon Cash ආයතනයෙන් ආරම්භ වුණු මෙය ජාත්‍යන්තර Human Rights Foundation හි Bitcoin Dev Grant එකක් ද ලබාගැනිමට සමත් වී තිබෙනවා.
ඔවුන් විසින් ජූලි මාසයේදි එළිදැක්වීමට නියමිත නවතම එළිදැක්වීම වන The Bullish Case for Bitcoin නම් අන්තර් ජාතික කෘතියේ ප්‍රථම සිංහල පරිවර්තනය නිළ වශයෙන් එළිදැක්වීමට Bitcoin දීප කණ්ඩායම සූදානමින් සිටිනවා.
Vijay Boyapati ගේ Bullish Case for Bitcoin කියන්නේ Bitcoiner කෙනෙක් වෙන ඔබ නැත්නම් Bitcoin සඳහා අධුනික සෑම කෙනෙක්ම කියවිය යුතුම පොතක්. Bitcoin සහ මුදල් පිළිබඳ විස්තීර්ණ ඉතිහාසගත තොරතුරු සහ Bitcoin මගින් ලෝකයට ඇති වටිනාකම පිළිබඳ හැඳින්වීම් යනාදී මෙන්ම විශ්ලේෂණාත්මක තොරතුරු මෙහි අන්තර්ගතයි.

මෙහිදි එළි දැක්වීමට නියමිත මෙම කෘතිය මගින් Sound Money කියන්නේ මොකක්ද?, රජයේ මධ්‍යගත පාලනයකින් තොරව මුදල් ඒකකයක් ලෝකෙට එන්නේ කොහොමද? සීමා මායිම් නැති මුදලක් ලෝකෙට අවශ්‍යද? Bitcoin වලට මේ තරම් වටිනාකමක් ලැබෙන්නේ කොහොමද? කියන හැමදෙයක්ම මේ හරහා දැනගන්න පුළුවන්.


කතෘ Vijay Boyapati ගේ නිළ අවසරයෙන් යුක්ත ISBN එකක් සහිත ලංකාවේ පුස්තකාල සඳහාත් පැමිණීමට නියමිත මේ බිට්කොයින් පෙළහර නිළ වශයෙන් එළිදැක්වීමේ Event එක 2025 ජූලි මස 17 වැනි දා Trace Expert City හීදි පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර තිබෙනවා.
බිට්කොයින් පෙළහර එළිදැක්වීමේ නිළ Event එක සඳහා Register වීමට පහත සබැදිය භාවිතා කල හැකි අතර ඔබට මෙම කෘතිය Pre-order කිරිමට මෙමගින් අවස්ථාව හිමි වේ.
බිට්කොයින් පෙළහර - එළිදැක්වීමේ Event එක සඳහා Register වීමට
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bitcoin දීප Community එක භාවිතා කළ හැක.