2010 වර්ෂයේ මැයි මාසයේ 22 වැනි දින cryptocurrency පිළිබඳ දැඩි ඇල්මක් දැක්වූ Laszlo Hanyecz නමැති පුද්ගලයා විසින් Papa John's ආයතනයෙන් Pizza දෙකක් මිලදීගැනීම සඳහා Bitcoin 10,000ක් ගෙවීම, digital currency එකකින් ගෙවන ලද ලොව ප්‍රථම මිලදීගැනීම (සහ ඉතිහාසයේ වැඩිම මුලදක් වැය කරන ලද රාත්‍රී ආහාර වේල) ලෙස සැළකෙනවා.

ඒ අවස්ථාවේදී මේ Bitcoin 10,000 මිළ ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොළර් $40ක් ලෙස පැවැති අතර, අද දින Bitcoin එකක මිළ $100,000 සීමාව අභිබවා යෑමත් සමඟ මෙම transaction එක සිදු කළ bitcoin වල මුළු වටිනාකම ඩොළර් බිලියනය ඉක්මවා යනවා.

2008 වර්ෂයේදී Satoshi Nakamoto යන අන්වර්ථ නාමය භාවිතා කරමින් (තවමත් හඳුනා නොගත්) developer කෙනෙකු විසින් එළිදක්වන ලද Bitcoin, මේ වන විට පසුගිය වසර 20 ක කාළය ඇතුලත වඩාත්ම සාර්ථක ආයෝජනයන් වලින් එකක් ලෙස බොහෝ දෙනා සළකනවා.

විශේෂයෙන්ම ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් US Securities and Exchange Commission (cryptocurrency පිළිබඳව නීති සැකසීම මෙම commission එකෙහි වගකීම් වලින් එකකි) එකෙහි ප්‍රධානියා ලෙස crypto පිළිබඳව ඇල්මක් දක්වන Paul S. Atkins යෝජනා කිරීමත් මෙම හදිසි මිළ ඉහළ යෑමට සෘජුවම සම්බන්ධ බව බොහෝ දෙනා මත දරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNN වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.