ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Bitcoin Transactions සඳහා හඳුන්වා දෙන Bitcoin දීප Wallet launch එක පිළිබඳව දැන ගනිමු
ලෝකය පුරා වැඩි කතා බහකට ළක් වෙන Bitcoin හරහා transactions සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට "Bitcoin දීප" නමින් Bitcoin Lightning Wallet එකක් හඳුන්වා දීමට ශ්‍රී ලංකාවෙ Bitcoin Community එක වන Bitcoin Deepa Community එක සූදානමින් සිටිනවා.
ලෝකයේ සංචාරක ආකර්ශනය අතින් ඉහළ ස්ථානයක සිටින ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් විදේශිකයන් ගැවසෙන අතර ඉන් බොහෝමයක් Bitcoin සහ Lighting ආශ්‍රිත මූල්‍යම ගනුදෙනු කිරීමට වැඩි ප්‍රවණතාවක් දක්වනවා. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රජාව තුළ මෙවන් මූල්‍යමය ගනුදෙනු කිරිමේ ක්‍රමවේදයන් සහ භාවිතයන් සඳහා ඇත්තේ ඉතා නව්‍ය අත්දැකිමකි. මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කරමින් දැනුම බෙදාදීමේ වැඩසටහන්ද Bitcoin දීප Community මඟින් දීඝ ව්‍යාප්තව සිදු කරමින් සිටින අතර, "The Bitcoin Standard" නම් අන්තර් ජාතික කෘතිය සිංහලයට "Bitcoin සම්මුතිය" නමින් ද, "My First Bitcoin" කෘතිය "මගේ මුල්ම බිට්කොයින්" ලෙසද නිළ වශයෙන් පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිද සිදු කරමින් සිටිනවා.
එමෙන්ම මාසිකව Ceylon Bitcoin Meetup නම් වූ meetups හරහා Bitcoin ආශ්‍රිත නවතම තොරතුරු ඇතුළුව ක්ෂේත්‍රයේ ප්‍රජාව දැනුවත් කිරීමට මෙන්ම Bitcoin කතා නම් වූ Podcast එකක්ද සිදු කිරීමට Bitcoin දීප Community එක සමත්වී තිබෙනවා.
Bitcoin දීප ව්‍යාපෘතියේ සහ Ceylon Bitcoin Meetups හි ආර්ම්භය දැන ගැනීම සඳහා මෙම ලිපිය අධ්‍යනය කරන්න
එළි දැක්වීමට නියමිත BitcoinDeepa Lightning Wallet හරහා lightning-fast තාක්ෂණයෙන් යුතුව bitcoin ආහ්‍රිත මූල්‍යම ගනුදෙනු ඉතාමත් පහසුවෙන්, ආරක්ෂාකාරීව මෙන්ම ඉතාමත් වේගවත් ලෙස transactions සිදු කිරීමේ අවස්ථාව උදා වෙනවා.
මෙහි එළිදැක්වීමේ අවස්ථාව සඳහා Bitcoin ක්ෂේත්‍රයේ අන්තර්ජාතික ප්‍රවීණයන් තිදෙනෙක් ඇතුළු තවත් පිරිස් වල සහභාගීත්වයෙන් Ceylon Bitcoin Meetup දෙසැම්බර් 30 වෙනිදා සවස 5.30 සිට කොළඹ Hatch Works හිදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
Ceylon Bitcoin Meet-up සහ Bitcoin දීප Official Launch Event එක සඳහා Register වීමට
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bitcoin දීප Community එක භාවිතා කළ හැක.