මේ වන විට නිකුත් වන බොහෝමයක් smartphone camera වල image stabilization පහසුකම සඳහා OIS, එහෙමත් නැතිනම් Optical Image Stabilization පහසුකම ලබාදී තිබෙන අතර, මේ හරහා ජංගම දුරකථනය සෙලවෙමින් ඇති අවස්ථාවකදී වුවත් අපැහැදිලි නොවන ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.

කොහොම නමුත් මෙම පද්ධතිය නිර්මාණය කිරීම සඳහා camera module එක ඇතුලත moving components, එහෙමත් නැතිනම් චලනය වන කොටස් (බොහෝ විට lens එක) ඇතුලත් කර ඇති අතර, දීර්ඝ කාලීනව දැඩි කම්පනයකට මෙම පද්ධතිය හසු වුවහොත් එය damage වීමේ හැකියාවක් පවතිනවා.

මේ වන විට Apple සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ iPhone ජංගම දුරකථන වල ඇති OIS සහ Auto Focus පද්ධති කල් පවතින ලෙස නිෂ්පාදනය කර ඇතත්, දීර්ඝ කාලීනව සෘජු කම්පනයන් වලට ලක් වුවහොත් ඒවා ක්‍රියාවිරහිත විය හැකි බවයි.

Exposure to vibrations, like those generated by high-powered motorcycle engines, might impact iPhone cameras
Exposing your iPhone to high amplitude vibrations within certain frequency ranges, specifically those generated by high-power motorcycle engines, can degrade the performance of the camera system.
Apple සමාගමේ නිළ නිවේදනය

පසුගිය වසර කිහිපය පුරාවට මෙලෙස කම්පනයට නිරාවරණය වූ iPhone වල camera එක හරි හැටි ක්‍රියාත්මක නොව තත්ත්වයට පත් වූ අවස්ථා ගණනාවක් Reddit වෙබ් අඩවිය ඔස්සේ වාර්තා වුණා.

එක් පරිශීලකයෙක් ප්‍රකාශ කර සිටියේ තම bike එකෙහි ඉදිරිපස iPhone එක රඳවාගෙන පැය 2 - 3ත් අතර කාලයක් highway එකෙහි ගමන් කිරීමෙන් camera එකේ autofocus පද්ධතිය සහ OIS පද්ධතිය අකර්මන්‍ය වූ බවයි. ඉන් පසුව එම ජංගම දුරකථනයෙන් ලබාගන්නා ඡායාරූප blur වූ ඒවා බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ නිළ Apple Support වෙබ් අඩවිය භාවිතා කළ හැක.