මේ දින වල ලොව පුරා සිටින බොහෝ දෙනාගේ අවදානය යුක්රේනය සහ රුසියාව දෙසට යොමු වි ඇත්තේ මේ වන විටත් එම රටවල් තුල ඇතිවි ඇති යුධමය තත්වයන් හේතුවෙන්.

මේ වන විට රුසියාව විසින් යුක්රේන දේශ සිමා ක්‍රමයෙන් ආක්‍රමණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරන අතර මෙම සිදුවිම් හේතුකොට ගෙන Apple සමාගම විසින් තීරණය කර ඇත්තේ තම භෞතික නිශ්පාදන අලවිය රුසියාව තුල අලෙවි කිරීම නවතා දැමීමටයි.

තවද, Apple සමාගම විසින් පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේ RT News සහ Sputnik News යන apps රුසියාව හැර අනෙක් රටවල් සදහා download කිරීමට නොහැකි වෙන ලෙස සකස් කර ඇති බවයි.

එමෙන්ම රුසියාව තුල Apple Pay සහ අනෙකුත් සේවාවන් Apple ආයතනය විසින් සිමා කර ඇති බවටද විදෙස් මාධ්‍ය මේ වන විට වාර්ථා කර තිබෙනවා.

යුක්රේන පුරවැසියන් සඳහා ආරක්ෂිත පියවරක් ලෙස Apple සමාගම විසින් යුක්රේනයේ Apple Maps හි traffic සහ සජීවී සිදුවීම් යන පහසුකම් දෙකම අක්‍රීය කර ඇති බව Apple සමාගමෙහි ප්‍රකාශකයෙකු විසින් සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.