OnePlus සමාගම විසින් ඔක්තෝබර් පළමුවෙනිදා OnePlus World නමින් අලුත් යමක් එළිදක්වන බවට ඉඟි කරයි
OnePlus 8T ජංගම දුරකතනය ඔක්තෝබර් 14 වැනි දිනට එළිදැක්වීමට නියමිතව ඇති අතර මෙවර OnePlus 8T Pro මාදිලියක් නිකුත් නොකරන බව OnePlus සමාගම විසින් මේ වනවිටත් තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත්, OnePlus 8T ජංගම දුරකතනයත් සමඟ තවත් නිෂ්පාදනයන් ගණනාවක්ම හඳුන්වාදීමට නියමිතව ඇති අතර පසුගියදා නිළ OnePlus Nord Instagram ගිණුම හරහා post එකක් පල කරමින් නව Nord ජංගම දුරකතනයක්ද එළිදැක්වීමට සූදානම් බව OnePlus සමාගම ඉඟි කරනු ලැබුවා.
මේ වනවිට OnePlus සමාගම විසින් ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා tweet එකක් නිකුත් කරමින්, ඔක්තෝබර් 1 වනදා OnePlus World ලෙස හඳුන්වන යමක් එළිදැක්වීමට සූදානම් බව සඳහන් කර තිබෙනවා.
The anticipation is killing us 😆
— OnePlus (@oneplus) September 29, 2020
Counting down the hours to #TheOnePlusWorld launch. pic.twitter.com/NSwKU05OOX
OnePlus සමාගම විසින් මෙසේ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන්නේ කුමක්ද යන්න පිළිබඳව අනුමාන කිරීම් රාශියක් තිබෙන අතර මෙය පසුගිය මාසයේදී සිංගප්පූරුවේ IMDA ආයතනය විසින් තහවුරු කරන ලද OnePlus Watch එක වනු ඇති බව බොහෝමයක් දෙනා අනුමාන කරනවා.
තවත් සමහරු පවසන්නේ එය global store එකක් වියහැකි බව වන අතර OnePlus USA Twitter ගිණුම හරහා මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා දීමට කටයුතු කර තිබෙනවා.
Get ready! We built our own OnePlus World and 🄲🄰🄽'🅃 🅆🄰🄸🅃 to share it with you. Check it out on October 1. #TheOnePlusWorld pic.twitter.com/Wbnr4sMvf3
— OnePlus USA (@OnePlus_USA) September 27, 2020
ඉහත tweet එකෙහි දක්වා ඇති පරිදි, OnePlus සමාගම සිය රසිකයන් සඳහා යම් ආකාරයක virtual space එකක් නිර්මාණය කර ඇති බව පෙනෙන අතර GizmoChina වෙබ් අඩවිය අනුමාන කරන්නේ මෙය එක්තරා ආකාරයක VR platform එකක් විය හැකි බවත්, OnePlus සමාගම ඔවුන්ගේ OnePlus 8T ජංගම දුරකතනය එළිදැක්වීම සඳහා මෙය භාවිතා කිරීමට අදහස් කරනු ඇති බවයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.