2025 අන්තර්ජාලයේ ආරක්ෂිතව සැරිසරන්න ඔබට උපකාරී වෙන සේවාවන් - 01

අන්තර්ජාලය, කෘතීම බුද්ධි වැඩසටහන් අපේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වෙලා අවසන්. හැබැයි ඔබ හිතුවද ඔබව කොයි තරම් නම් අන්තර්ජාලය ඔස්සේ track වෙනවද? ඔබේ පෞද්ගලික දත්ත කොයි තරම් අන්තර්ජාලය තුල ගබඩා වෙනවද කියන එක ගැන?

මෙය බලපාන්නේ සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් හට විතරක් නෙමෙයි,  නිදහස් හා විවෘත සමාජයක් ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට. නමුත් කීයෙන් කී දෙනෙක් ද මෙහි ඇති බරපතල බව වටහා ගන්නේ? 

කීදෙනෙක් නම් 'අපි ගාව නම් කාටවත් ගන්න වටිනා දත්ත නැහැ' කියලා මේ දත්ත අවභාවිතාවන් නොසලකා හරිනවද?

ඔබ මේ අවභාවිතාවන් වල බරපතලකම තේරෙන කෙනෙක් නම් අන්තර්ජාලය ඇතුලේ යම් තරමක හරි පෞද්ගලිකත්වයක් පවත්වාගෙන යන්න, 100% නොහැකි වුනත් යම් මට්ටමකින් හෝ දත්ත ආරක්ෂා කරගන්න අවශ්‍ය tools තෝරාගන්න මේ ලිපිය ඔබට උදව් වේවි කියලා අපි විශ්වාස කරනවා. 

මේ ලිපි මාලාවෙන් අපි ගෙන එන බොහොමයක් සේවාවන් මේ ලිපිය ලියන මගේ පෞද්ගලික තේරීම්. 

රහසිගතව අන්තර්ජාලයට පිවිසෙන්න Virtual Private Networks (VPNs)

රහසිගතව අන්තර්ජාලයට පිවිසෙන්න Virtual Private Networks (VPNs) - Photo by Kevin Paster

සරලවම කිව්වොත් VPN එකක් ඔබව අන්තර්ජාලය තුල anonymous කරන්න ඔබේ අන්තර්ජාලය තුලදී ගමන් කල වෙබ් ලිපිනයන් වගේ දේවල් සංකේතනය (encrypts) කර ඔබගේ IP ලිපිනය සැඟවීම සිදු කරනවා, හැකර්වරුන්, ඔබේ අන්තර්ජාල ප්‍රවර්ධකයා (ISP - Internet service provider) වැනි බොහෝ දෙනෙකුට ඔබේ අන්තර්ජාල පිවිසුම් සහ ඔබ පිවිසි වෙබ් අඩවි ගැන විස්තර monitor කරන්න අපහසු වෙනවා. 

VPN, එහෙමත් නැතිනම් Virtual Private Network එකක් වැඩකරන හැටි සරළව තේරුම්ගනිමු
VPN [https://en.wikipedia.org/wiki/Virtual_private_network] කියන්නේ මේ දවස් වල හැමෝම භාවිතා කරන දෙයක් වුණත් ගොඩ දෙනෙකුට තමන් මේ භාවිතා කරන දේ පිළිබඳව වත්, ඒක වැඩ කරන්නේ කොහො

මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් ‘Virtual Private Network එකක් වැඩකරන හැටි සරළව තේරුම්ගනිමු’ ලිපියෙන් ඔබට ඒ ගැන සරලව දැනගන්න පුළුවන්. 

කොහොමද හොඳ VPN එකක් තෝරාගන්නේ, මොනවද වඩාත් හොඳ VPN, එක එක කාර්යන් වලට විශේෂ වෙච්ච VPN තියෙනවද? මේ ඔක්කොම ගැන නම් මේ ලිපියේ කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.  ඒත් ඒ ගැන වෙනම ලිපියකින් කතා කරන්න ඕනේ නම් අපිට ඒ ගැන කියන්න. 

VPN සඳහා මේ මගේ පෞද්ගලික තේරීම්

Mullvad VPN:

  • ගොඩක් privacy-focused VPN සේවාවක් වන Mullvad VPN වෙත ලියාපදිංචි වෙන ඔබගේ email ලිපිනයක්වත් ඔවුන් ලබන්නේ නැහැ. anonymous payments මේ සමගම accept කරනවා, ඒවගේම ඔවුන් සතුව පවතින apps බොහොමයක් open-source apps වෙනවා වගේම මේ සමගම ඉතාම දැඩිව no-logs policy එකක් පවත්වාගෙන යනවා. 
  • කොහොම නමුත් දැනට මේ VPN සේවාව සතුව free tier එකක් එහෙම නැති නම් මේ සේවාවන් අත්හදා බලන්න ක්‍රමවේදයක් ලබා දෙන්නේ නැහැ. ඊට අමතරව VPN සේවා සපයන අනෙක් සමාගම් එක්ක සසඳා බලද්දී Mullvad සතුව තියෙන servers ප්‍රමාණය තරමක් මදි බව කියන්න ඕනේ.

ProtonVPN:

  • ඔබ හොයන්නේ Free tier එකක් සහිත, නොමිලේ ලබාදෙන සර්වර්ස් වුනත් ඉතාම පහසුවෙන් භාවිත කරන්න පුළුවන් සේවාවක් නම් ProtonVPN කියන්නේ ඒ වෙත තියෙන හොඳම විසඳුම.
  • Proton සමාගම සතුවත් no-logs policy එකක් තියෙනවා, ඊට අමතරව ඔවුන්ගේ apps බොහොමයක් open-source.

Riseup VPN:

  • සම්පුර්ණයෙන් ම නොමිලේ භාවිත කල හැකි එනම් Free to use සේවාවක් තමයි Riseup VPN සේවාව. සම්පුර්ණයෙන් ම community-focused ලෙසින් ක්‍රියාත්මක වන මෙය විශේෂයෙන් ම activists සහ journalist ලා වගේ අය වෙනුවෙන් ම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සේවාවත්  data logs පවත්වාගෙන යන්නේ නැහැ. 
  • අවාසනාවකට මේ සේවාව භාවිත කරන්න ඔබ කැමති වුනත් මේ සේවාව අද වෙන තුරුත් සීමා කරනලද විශේෂ code එකක් එහෙම නැති නම් දැනටම සේවාව භාවිත කරන පුද්ගලයෙකු ගෙන් ඔබ ලබා ගන්න code එකකින් පමණක් (Invitation-only) භාවිත කල හැකි වෙනවා. 
  • මේ සේවාව සතුවත් ප්‍රධාන ධාරාවේ VPN සේවා සපයන සමාගම් තරම් සර්වර්ස් නම් නැති බව කියන්න ඕනේ (limited server locations).
💡 Pro Tip:  ඔබ භාවිත කරන්න VPN එකක් තොර ගනිද්දී  independently audited for their no-logs policies වගේ term එකක් තියෙන සේවාවක් හොයාගන්න මතක තියාගන්න. 

ආරක්ෂිතව පණිවුඩ යවන්න Secure Messaging Apps

ආරක්ෂිතව පණිවුඩ යවන්න Secure Messaging Apps - Element

අද වෙද්දී බොහෝ දෙනෙක් පණිවුඩ හුවමාරු කරගන්න Messaging Apps භාවිත කරනවා. Facebook messenger, WhatsApp, Telegram බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි.  ඔබ යවන පණිවුඩ තෙවන පාර්ශවයකට කියවන්න හෝ ඔබේ පෞද්ගලිකත්වයට හානි වෙන අයුරින්  ඔබේ දත්ත එකතු කිරීම වළක්වාලන තාක්ෂණයක් තමයි End-to-end encryption (E2EE) කියන්නේ. 

E2EE හරහා ඔබේ පණිවුඩය ඔබත් ඒ පණිවුඩය ලබන්නත් අතර පමණක් කියවිය හැකි ලෙස encrypt (කේතනය) වෙනවා.  

Secure Messaging Apps සඳහා මේ මගේ පෞද්ගලික තේරීම්

Signal:

  • Signal සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිත කල හැකි සේවාවක්.
  • මෙය open-source,කිසිම විදිහකට metadata ඔවුන් ගබඩා කරගන්නේ නැහැ.
  • සම්පුර්ණයෙන් ම End-to-end encrypted

Telegram:

  • ඉතාම පහසුවෙන් භාවිත කල හැකි වගේම බොහෝ දෙනෙක් අතර සුලභව භාවිත වෙන ජනප්‍රිය සේවාවක් විදිහට Telegram හඳුන්වන්න පුළුවන්. 
  • Group chats වෙත විශාල ප්‍රමානයක් එකතු කරගන්න වගේම cross-platform support එකත් තියෙන නිසා ම බොහෝ දෙනෙක් මේ සේවාව භාවිත කරනවා. 
  • Privacy focused සේවාවක් විදිහට ප්‍රකට වුනත් Regular Chats (Cloud Chats) එහෙම නැති නම් සාමාන්‍ය පණිවුඩ හුවමාරු E2EE නම් නැති බව කියන්න ඕනේ. "Secret Chats" පහසුකම සක්‍රීය කලොත් පමණයි encrypted පණිවුඩ යවන්න ඔබට හැකි වෙන්නේ. 
Telegram කියන්නේ මොකක්ද? ඇයි අපි Telegram භාවිතා කළ යුත්තේ? Telegram ගැන සරළව විස්තරේ මෙන්න
අන්තර්ජාලය භාවිතා කරන ඔබත් මමත් ඇතුලු අප බහුතරයක් දෙනා එදිනෙදා වැඩ පහසු කර ගැනීමට සහ අනෙකා අතර සම්බන්ධතා පවත්වා ගෙන යාමට විවිධ වූ messaging සේවාවන් මේ වන

Element (Matrix):

  • Element (Matrix) කියන්නේ සම්පුර්ණයෙන් ම Decentralized හා open-source සේවාවක්.  Group communication සඳහා ඉතාම හොඳ සේවාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
  • මේ සේවාව නොමිලේ නම් භාවිත කරන්න හැකියාවක් නැහැ වගේම complex setup එකක් තියෙන නිසාම ආධුනිකයෙක් ට මෙය භාවිත කරන්න අපහසු වෙන්න ඉඩ තියෙනවා. 
  • නමුත් ඔබේ ව්‍යාපාරයට හෝ සංවිධානයට E2EE සේවාව සහිත පණිවුඩ හුවමාරු ක්‍රමයක් අවශ්‍ය නම් මේ ඒ වෙත හොඳම විසඳුමක්.

Wire:

  • ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුනත් Wire කියන්නේ E2EE සහිත  professional සහ personal යන අරමුණු දෙකටම භාවිත කල හැකි ඉතාම පිළිගැනීමක් සහිත තවත් සේවාවක්. 
  • කොහොම නමුත් මෙහි නොමිලේ ලබාදෙන පහසුකම් දෛනික පණිවුඩ හුවමාරු සඳහා පමණක් සැහෙන බව නම් කියන්න ඕනේ.  
  • ඊට වැඩ වැඩි පහසුකම් ලබා ගන්න ඔබට ඔවුන්ගේ Wire for Enterprise හෝ ඊට වැඩි පැකේජයක් මිලදී ගන්න සිදු වෙනවා. 

ලිපි අංක 02 ඉතාම ඉක්මනින් ඔබට අරගෙන එන්න අපි වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඒ වෙත ඇතුලත් වෙන්න ඕනේ කියල හිතෙන සේවාවන් තියෙනවා නම් ඒ ගැන අපිට කියන්න අමතක කරන්න එපා.