තවමත් US chips භාවිතා කළ හැකි Cloud Computing ව්‍යාපාරය කෙරෙහි තම අවධානය යොමු කිරීමට Huawei සමාගම කටයුතු කරයි

මීට මාස කිහිපයකට පෙර ට්‍රම්ප් පරිපාලනය විසින් Huawei සමාගමට සහ එයට අනුබද්ධ සමාගම් සඳහා පනවා තිබූ සීමාවන් තවත් දැඩි කරමින් Huawei සමාගමට එක්සත් ජනපදයේ නිෂ්පාදිත chips මිලදී ගැනීම හෝ ඇමරිකානු තාක්ෂණයන් භාවිතා කිරීම තහනම් කරනු ලැබුවා.

මේ සමඟ, Huawei සමාගමේ කොන්ත්‍රාත් නිෂ්පාදකයා වන TSMC සමාගම විසින් Huawei සමාගමෙන් ලැබෙන නව ඇණවුම් ලබා ගැනීම නැවැත්වූ අතර සැප්තැම්බර් 15 සිට Huawei සමාගම සමඟ සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු  සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ද කටයුතු කරනු ලබනවා.

මේ හේතුවෙන් Huawei සමාගමට සිය smartphones වලට සහ අනෙකුත් උපකරණ සඳහා අවශ්‍ය chips ලබාගැනීම සඳහා දැඩි අපහසුතාවයට මුහුණදීමට සිදුව තිබෙනවා.

එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් සිය smartphones සඳහා chips හිඟ වී ඇති බව Huawei සමාගම ප්‍රකාශ කරයි
ලොව විශාලතම smartphone නිෂ්පාදකයෙකු වන Huawei සමාගමට එරෙහිව එක්සත් ජනපදය විසින්යොදා ඇති සම්බාධක හේතුවෙන් ඔවුන්ගේ processor chips අවසන් වෙමින් පවතින බව TheAssociated Press වෙබ් අඩවිය[https://apnews.com/270e93e985733a4d086c06a01375cea0] විසින් වාර්තා කරනු ලබනවා. Huawei සමාගමෙහි පාරිභෝගික ව්‍යාපාර …

කෙසේ වෙතත්, FT පුවත් වෙබ් අඩවිය විසින් පල කල නව වාර්තාවක දැක්වෙන පරිදි Huawei සමාගමට තවමත් සිය cloud computing business සඳහා එක්සත් ජනපද chips භාවිතා කිරීමේ හැකියාව ඇති බවත්, එම නිසා මොවුන් දැන් ඒ දෙසට අවධානය යොමු කරන බවත් ය.

Huawei සමාගම සතුව cloud computing business එකක් දැනටමත් තිබෙන අතර ඔවුන් එමඟින් වෙනත් සමාගම් වලට computing power එක සහ storage solutions අලෙවි කරනු ලබනවා.

එය කෘතිම බුද්ධිය සඳහාද ප්‍රවේශය ලබා දෙන අතර මෙම අංශය වේගයෙන් වර්ධනය වන බව දැකගත හැකි බව මෙම වාර්ථාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව Huawei සමාගම විසින් තමන්ගේම chipset නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ඇතැම් මූලාශ්‍ර විසින් සඳහන් කරනු ලබනවා. ඒ හරහා Huawei සමාගමට එක්සත් ජනපද උපකරණ හෝ උපාංග භාවිතා කිරීමෙන් තොරව තමන්ගේම අර්ධ සන්නායක chips නිර්මාණය කිරීමේ සැලසුම ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, Reuters වෙබ් අඩවිය සහ Financial Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.