Blue Origin සමාගමේ නව New Glenn රොකට් එක නැවත දියත් කිරීමේ උත්සාහය සාර්ථක වේවිද?

ඇමසන් සමාගමේ විධායක සභාපති Jeff Bezos හිමිකාරීත්වයෙන් යුත් Blue Origin අභ්‍යවකාශ සමාගම, ඔවුන්ගේ අති විශාල New Glenn රොකට්ටුව පසුගිය ජනවාරි 12 සඳුදා උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට පමණ  දියත් කිරීමක් කරන්න උත්සහ දැරුවත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අතහැර දමන්නට ඔවුන්ට සිදු වුණා. 

අඩි 320ක් උස මෙම නව New Glenn රොකට්ටුව, වසර දහයකට ආසන්න කාලයක පුරා සිදු කෙරුණු නිර්මාණ කටයුතු වලින් අනතුරුව තමයි මෙම දියත් කිරීම යොදාගෙන තිබුනේ.

New Glenn රොකට්ටුව NASA හි ප්‍රථම කක්ෂීය ගගනගාමී John Glenn ගේ නමින් නම් කර ඇති අතර, එය ද්‍රවීකෘත ස්වභාවික වායු සහ ද්‍රව ඔක්සිජන් (liquified natural gas and liquid oxygen) භාවිතා කරන BE-4 එන්ජින් හතකින් බල ගැන්වෙනවා.

💡
John Herschel Glenn Jr, 1962 දී පෘථිවිය වටා තුන් වතාවක් චක්‍රීයව ගමන් කරමින් අභ්‍යවකාශයට පියාසර කළ තෙවන ඇමරිකානුවා සහ පෘථිවිය වටා කක්ෂගත වූ පළමු ඇමරිකානුවා බවට ඔහු පත්විය. NASA ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු 1974 සිට 1999 දක්වා Ohio ප්‍රාන්තයේ එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස සේවය කළ අතර, 1998 දී වයස අවුරුදු 77 දී නැවත වරක් අභ්‍යවකාශගත විය.

New Glenn යානයට SpaceX හි Falcon Heavy rocket සමාන බරගෙන යාමේ හැකියාවක් ඇති අතර, අඩි 23ක් පළල වූ විශාල බඩු ප්‍රවාහන කුටීරයකින් (cargo bay) ද සමන්විතයි. 

මෙම රොකට්ටුව පළමු අදියරේ ඉලක්ක ලෙස අවම වශයෙන් මෙහෙයුම් 25ක් සඳහා නැවත භාවිතා කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති අතරම, දියත් කිරීමෙන් පසු මුහුදේ පිහිටි වේදිකාවක සිරස්ව ගොඩබැසීමට හැකි පරිදි තමයි New Glenn නිර්මාණය කර තිබෙන්නේ.

රොකට්ටුවට භූස්ථාවර කක්ෂය (geostationary orbit) දක්වා මෙට්‍රික් ටොන් 13ක් සහ පහළ භූ කක්ෂය දක්වා මෙට්‍රික් ටොන් 45ක් ගෙන යාමේ හැකියාවකින් සමන්විතයි. එමෙන්ම අනාගතයේදී මිනිසුන් අභ්‍යවකාශයට ගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂිත තත්ත්වයන්ද සපුරා ඇති බව තමයි දැනගන්න ලැබෙන්නේ. මෙම දියත් කිරීමේදී Blue Ring Pathfinder නම් payload එකක් රැගෙන යාමට  තිබුණා. 

💡
භූස්ථාවර කක්ෂය හෝ භූ සමමුහුර්ථ නිරක්ෂ කක්ෂය (GEO) යනු පොළොවේ නිරක්ෂයට කි.මී. 35,786 ක් ඉහලින් ඇති වෘත්තාකාර භූ සමමුහුර්ත කක්ෂයකට ය. එය පොළොව භ්‍රමණය වන දිශාවටම ගමන් කරයි. - Wikipedia

Blue Ring Pathfinder නම් payload එක සතුව communications array, power system, සහ flight computer එකක් ඇතුලත් ව තිබුණා. New Glenn දියත් කිරීමේ ප්‍රධාන අරමුණු අතර ඔවුන්ගේ  Blue Ring spacecraft එක පරික්ෂා කිරීමත් ඇතුලත් වුණා.

මෙම අභ්‍යවකාශ යානය ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් වලදී අවශ්‍ය ඉන්ධන පිරවීම, සත්කාරක සේවා, දත්ත සම්ප්‍රේෂණය සහ cloud computing හැකියාවන් සහිත මෙහෙයුම් සඳහා සහය දැක්වීමට නියමිතයි.

New Glenn පළමු දියත් කිරීම අතහැර දැමුනේ ඇයි? 

36 වන දියත් කිරීමේ සංකීර්ණයේ launch pad එකේ New Glenn රොකට්ටුව./Blue Origin

New Glenn හි සහායක බල ඒකකයක (auxiliary power unit) පිරිසිදු කිරීමේ නල පද්ධතියක (purge line) අයිස් තැන්පත් වීම තමයි මෙහෙයුම අතහැර දැමීමට ප්‍රධාන  හේතුව ලෙසින් සමගම පෙන්වා දෙන්නේ.

මෙම සහායක බල ඒකකය රොකට්ටුවේ හයිඩ්‍රොලික් පද්ධති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා බලශක්තිය සපයන අතර පිරිසිදු කිරීමේ නල පද්ධතිය කියන්නේ රොකට්ටුවේ පද්ධතිවලින් අනවශ්‍ය වායු හෝ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා භාවිතා කරන නල මාර්ගයක්.

three-hour launch window එක ඇතුලත තුළ ඉංජිනේරුවන් මෙම ගැටලුව විසඳීමට උත්සාහ කළත් නියමිත කාල සීමාව තුළ මෙම තාක්ෂණික ගැටලුව සම්පූර්ණයෙන් විසඳීමට නොහැකි වූ බැවින් දියත් කිරීම කල් දැමීමට සිදු වුණා. 

New Glenn වැදගත් වෙන්නේ ඇයි?

මෙම New New Glenn රොකට්ටුවේ සාර්ථකව දියත් කිරීම සමාගමට කිහිප ආකාරයකින් වැදගත් වෙනවා. එමගින් ලබා ගන්නා දත්ත ඉදිරි මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වෙනවා වගේම global launch industry එකේ SpaceX සමාගම සතුව දැනට පවතින ආධිපත්‍යයට අභියෝග කිරීමට නම් ඊළඟ දියත් කිරීම සාර්ථක විය යුතුමයි.

ඊට අමතරව New Glenn රොකට්ටුව Amazon හි Project Kuiper චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා ඉතා වැදගත් වෙනවා. Project Kuiper මගින් චන්ද්‍රිකා 3,236ක් අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කර තිබෙනවා. 

💡
Kuiper Systems LLC, එසේ නොමැති නම් Project Kuiper යනු 2019 වසරේදී ඇමසන් සමාගම විසින් ආරම්භ කරන ලද උප සමාගමක් වන අතර මෙහි ප්‍රධාන අරමුණ වන්නේ low-latency broadband connectivity සහිත broadband connectivity සේවාවක් සැපයීම සඳහා විශාල චන්ද්‍රිකා ජාලයක් (satellite internet constellation) ස්ථාපනය කිරීමයි.

මෙය SpaceX හි Srarlink ව්‍යාපෘතියේ චන්ද්‍රිකා සංඛ්‍යාවවට සාපේක්ෂව අඩු වුනත්, අන්තර්ජාල සේවා ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය වැඩි කරන්න නම් මෙය නිසැකවම හේතුවක් වේවි.

ප්‍රථම උත්සාහය අසාර්ථක වීමෙන් පසු, සමාගම ජනවාරි 16 වන බ්‍රහස්පතින්දා උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් උදැසන 11.30 සිට පස්වරු 2.30 දක්වා launch window ඇතුලත නැවත උත්සාහයක් දැරීමට සැලසුම් කර තිබෙන අතර, එය දියත් කිරීම Blue Origin වෙබ් අඩවිය, X ගිණුම සහ Youtube නාලිකාව හරහා සජීවීව විකාශනය කෙරෙනු ඇත.

NG-1 මෙහෙයුම් සැලැස්ම / Blue Origin

බ්ලූ ඔරිජින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී David Limp  පවසන පරිදි, මෙම NG-1 මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය වන්නේ රොකට්ටුව කක්ෂගත කිරීම පමණි. නැවත භාවිතා කළ හැකි බූස්ටරය සාර්ථකව ගොඩබැස්සවීම වැනි අමතර කාර්යයන් සාර්ථක වුවහොත් එය අමතර ජයග්‍රහණයක් ලෙස සැලකෙනු ඇත.

2024 දී සඳ මතට මිනිසුන් රැගෙන යාමේ NASA ආයතනයේ මෙහෙයුම සඳහා SpaceX සමාගම තෝරාගැනීමේ තීරණයට Blue Origin හි නිර්මාතෘ Jeff Bezos සිය විරෝධය පළ කරයි
2024 වර්ෂයේදී දී සඳ මතට මිනිසුන් රැගෙන යාමේ NASA ආයතනයේ මෙහෙයුම සඳහා Elon musk ගේ SpaceX - Starship ව්‍යාපෘතිය තෝරා ගැනීමට NASA ආයතනයේ පසුගියදා තීරණය කළ අතර ඒ අනු

මෙය සාර්ථක වුවහොත්, එය Elon Musk ගේ SpaceX සමාගමේ ආධිපත්‍යයට අභියෝගයක් වෙනවා වගේම, විශේෂයෙන්ම වාණිජ අභ්‍යවකාශ කර්මාන්තයේ සහ චන්ද්‍රිකා අන්තර්ජාල සේවා ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය වැඩි කරන්නත් හේතුවක් වේවි. 

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා blueorigin.com වෙබ් අඩවිය සහ theverge.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.