Business සහ Freelancing ගැන නුවර දී පැවති Web3Ceylon Tour එකේ දෙවන දිනය පිළිබඳව දැන ගනිමු
Web3Ceylon 2025 සිව් දින Web3 Blockchain අධ්‍යාපනික Tour එක පිළිබඳව මීට පෙර අප ලිපියකින් දැනුවත් කළා ඔබට මතක ඇති.
එමෙන්ම මෙහි පළමු දින වැඩසටහන වන Developers & Builders event එක පසුගිය සැප්තැම්බර් මස 20 වන දින මොරටුව විශ්ව විද්‍යාලයේ Rupert Peiris Auditorium හිදී පවත්වනු ලැබුවා.
ඒ අනුව මෙහි දෙවන දින වැඩසටහන වන Business සහ Freelancing event එක පසුගිය සැප්තැම්බර් මස 28 වන දින නුවර නගරයේ The Queen’s Hotel පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා.
මේ event එක සඳහා 200කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙන අතර මේ ඔස්සේ Web3 සහ Blockchain තාක්ෂණයන් පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය පිරිස, Businesses සහ Freelancers communities පාදක කරගනිමින් blockchain ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමට, දැනුම බෙදා ගැනීමට මෙන්ම hands-on activities වැනි විශේෂාංග සඳහා මෙහිදී අවස්ථාව ලැබුනා.
Maash සහ Apium හි founder වන Nissanka Seneviratne මහතා විසින්, "Grow Your Business with Maash" යන මාතෘකාව යටතේ දේශනයක් ගෙන එනු ලැබුවා. එහිදී ඔහු විසින් Freelancing සහ money management, Business එකක් පවත්වාගෙන යාමේදී finances මෙහෙයවීම් වැනි කාරණා ගැන පැහැදිලි කරනු ලැබුවා.
ඉන් අනතුරුව Metana හි founder වන Harsha Abegunasekara මහතා විසින්, ඔහුගේ ජිවිත කථාව ඇසුරෙන් හරවත් දේශනයක් සිදු කළා. මෙහිදි ඔහු තව දුරටත් business, startup එකක් maintain කරන්නේ කෙසේද සහ freelancing වැනි ක්‍රමවේද ඔස්සේ web3 opportunities කරා ලගා වෙන්නෙ කෙසේද යන්න හරවත් දේශනයක් සිදු කරනු ලැබුවා.
Light Foundation ආයතනය නියෝජ්නය කරමින් Niranga Hettiarachchi මහතා විසින් web3 සහ blockchain තාක්ෂණයන් වල වැදගත්කම සහ blockchain තාක්ෂනය අප රට තුළ විවීධ විෂය ක්ෂේත්‍රයන්හි වර්ධනය සදහා බලපාන අකාරය පිළිබඳව හරවත් දේශයනක් ගෙන එනු ලැබුවා.
ඒ අනුව Web3ceylon - Kandy event එක මෙසේ සාර්ථකව නිමා කරනු ලැබු අතර මීට සමගාමී වන ඉදිරි වැඩසටහන් සඳහා register වීමට ඔබට පහත සබැඳිය භාවිතා කළ හැක.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Web3Ceylon වෙබ් අඩවිය සහ Facebook පිටුව භාවිතා කළ හැක.