Smartwatch එකක් බවට හැරවිය හැකි Smartphone එකක් TCL සමාගම විසින් එළිදක්වන ලකුණු

නම්‍යශීලී Display එකක් සහිත ලොව ප්‍රථම ජංගම දුරකථනය වන Royole FlexPai ගැන වගේම Samsung සමාගමේ ප්‍රථම foldable smartphone එක ගැනත් අපි ඔබව මීට කලින් දැනුවත් කරන්නට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන් TCL සමාගම විසින් අමුතුම ආකාරයේ foldable device එකක්, එනම් අවශ්‍යය වේලාවට Smartwatch එකක් ලෙස භාවිතා කළ හැකි ජංගම දුරකථනයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව CNET වෙබ් අඩවිය විසින් පෙන්වා දෙනවා.

TCL සමාගම සතු වන Patent බළපත්‍රයකින් ලබාගත් රූප රාමු කිහිපයක් පදනම් කරගෙන මෙම පුවත වාර්ථා කරන ඔවුන් ප්‍රකාශ කරන අන්දමට මෙම සමාගම ඉහත සඳහන් කළ smartphone එක ඇතුළුව තවත් foldable devices 5ක් වෙනුවෙන් patent බළපත්‍ර ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට Alcatel සහ BlackBerry යන brand names මේ TCL සමාගමට හිමි අතර මේ අතරින් කුමන සන්නාමයක් හරහා, කුමන කාළ සීමාවකදී මෙම devices වෙළඳපොලට නිකුත් කරනු ඇත්දැයි යන් පිළිබඳව තවමත් දැනගන්නට ලැබෙන්නේ නැහැ.

කොහොම නමුත් මෙම සොයාගැනීමට ප්‍රථමව, TCL සමාගමේ විධායක නිළධාරියෙකු විසින් ප්‍රකාශ කර තිබෙන අන්දමට ඔවුන්ගේ ප්‍රථම foldable device එක 2020 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා CNET වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා AndroidAuthority වෙබ් අඩවිය භාවිතා කළ හැක.