පරිශීලකයින්ගේ අශෝභන හැසිරීම නිසාවෙන් TikTok සේවාව නැවත වරක් තහනම් කිරීමට පකිස්ථාන රජය කටයුුතු කරයි
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ මුල් භාගයේදී TikTok සේවාව පකිස්ථානය තුළ තහනම් කිරීමට කටයුතු කළ බව මෙන්ම, ඉන් දින 10කට පසුව නැවතත් එය ප්‍රතිස්ථාපනය කිරීමට පකිස්ථාන රජය කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
මීට ප්‍රධානතම හේතුව වී තිබුණේ අසභ්‍යය සහ අශෝභන වීඩියෝ ඉවත් කිරීමට TikTok සමාගම අපොහොසත් වීම වන අතර මේ වන විට නැවත වරක් පකිස්ථානු අධිකරණය විසින් මෙම සේවාව පකිස්ථානය තුළ අවහිර කිරීමට කටයුතු කරන ලෙස නියෝගයක් ලබාදී තිබෙනවා.
In respectful compliance to the orders of the Peshawar High Court, PTA has issued directions to the service providers to immediately block access to the TikTok App. During the hearing of a case today, the PHC has ordered for the blocking of App.
— PTA (@PTAofficialpk) March 11, 2021
මේ අනුව පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ අඅදාල අධිකරණ නියෝගය අනුව TikTok App එක වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කර දැමීමට කටයුතු කරනු ලැබූ බවයි.
මෙම සේවාව අවහිර කර දැමීමට ප්‍රධානතම හේතුව වශයෙන් සැළකෙන්නේ TikTok platform එක හරහා නිර්මාණය වන බොහෝ නිර්මාණ ඉස්ලාම් ආගමට සහ පකිස්ථාන සමාජයට නොගැලපෙන, එහෙමත් නැතිනම් අශෝභන ඒවා වීම බව Al Jazeera පුවත් සේවාව වාර්තා කරනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Al Jazeera වෙබ් අඩවිය භාවිතා කළ හැක.