Apple AirPods වලට සමාන පෙනුමකින් යුතු truly wireless earbuds යුගලයක් මීළඟ ජූලි මස එළිදැක්වීමට OnePlus සමාගම සූදානම් වන ලකුණු
Truly wireless earbuds (සම්පූර්ණයෙන්ම රැහැන් රහිත earbuds) මෙම වසර කිහිපය තුළ ඉතාමත් ප්‍රසිද්ධ අංගයක් වූ අතර Apple සමාගමෙන් පසුව Google, Samsung, Microsoft සහ Amazon සමාගමත් තමන්ගේම earbuds එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.
OnePlus ආයතනය මේ වන විට Bullets Wireless earphones වල සංස්කරණ කිහිපයක් නිකුත් කර ඇති නමුත් එම හදුන්වා දුන් generations තුනෙහිම design එක Earbuds දෙක එකිනෙක wire එකක් හරහා connect වන අතර මෙය "රැහැන් රහිත" ලෙස හදුන්වා දෙන්නේ මෙය ඔබගේ දුරකථනයට භෞතිකව සම්බන්ධ නොවන බැවිනි.
තාක්ෂණික උපාංග පිළිබඳව තොරතුරු නිකුත් කරන්නෙකු වන Max J සිය Twitter ගිණුම හරහා කියා සිටියේ OnePlus සමාගම විසින් සිය පළමු රැහැන් රහිත earbuds යුගලය ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි.
— Max J. (@MaxJmb) May 15, 2020
ඒ සමග ඔහු විසින් earbuds යුගලයේ ජායාරූපයක්ද share කර තිබේ. එය බැලූ බැල්මට Apple සමාගමේ AirPods වල design එකට බොහෝ සෙයින් සමාන බව දැකගත හැකි වෙනවා.
— Max J. (@MaxJmb) May 13, 2020
Max විසින් මීට පෙර earbuds charging cases නිරූපණය වන පරිදි tweet එකක්ද share කර ඇති නමුත් මෙය සත්‍ය designs මත පදනම් වූවක් ද යන්න තවමත් පැහැදිලි නැත.
මෙම තොරතුරු විශ්වාසදායක ලෙස පෙනෙන ප්‍රභවයක් හරහා ලැබුණු තොරතුරු වුවත් එය අලුත් source එකක් වන බැවින් මේ පිළිබඳව සම්පුර්ණයෙන් විශ්වාසය තබා ගැනීමට අපහසු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.