OnePlus 7 ජංගම දුරකථනය Notch එකක් රහිත වන බවට ඉඟි පළ කරන ඡායාරූප කිහිපයක් leak වෙයි

OnePlus 6T කියල කියන්නේ අපි හැමෝගෙම හිත දිනා ගත්තු Device එකක් ලෙස හදුන්වාදෙන්න පුලුවන්.

ඒ වගේම DxOMark score එක 97ක් ලබා ගනිමින් ranking වල 7 වන ස්ථානයේ රැඳී සිටින OnePlus 6T ගැනත් 2018 වසරේ හොදම Smart Phones ගැන කතා කරන විට සදහනක් කළා මතක ඇති.

ඉතින් ඊලගට ලොව පුරා OnePlus භාවිතාකරන්නන් බලාපොරොත්තුවෙන් ඉන්න OnePlus device එක තමයි OnePlus 7 කියන smartphone එක. සාමාන්‍යයෙන් OnePlus සමාගම ඔවුන්ගේ නව devices හදුන්වාදෙනු ලබන්නේ වර්ෂයේ මැද එනම් මැයි සහ ජුනි වැනි මාස වලදී වන අතර ඒ දක්වා තවත් මාස හතරක පමණ කාලයක් ඉතිරී වී තිබෙනවා.

මේ වන විට මේ OnePlus 7 යැයි සිතිය හැකි smartphone කිහිපයක prototype වල ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතු වී තිබෙන අතර ඒවාට අනුව මීලඟ device එක notch එකකින් හෝ Infinity-O වැනි කුඩා සිදුරකින් තොර සම්පූර්ණ display එකක් සහිත ජංගම දුරකථනයක් වේවි යැයි අනුමාන කළ හැකි වෙනවා.

මෙලෙස Notch එකක් නොමැති නම් බොහෝ විට මෙහි Xiaomi සමාගමේ Mi Mix 3, සහ Huawei සමාගමේ Honor Magic 2 වැනි devices වල දැකගන්න ලැබුනු slider mechanism එක අන්තර්ගත කිරීමට බොහෝ ඉඩ කඩක් පවතින බව බොහෝ දෙනා අනුමාන කරනු ලබනවා.

ඒ වගේම OnePlus සමාගම කියා සිටි ආකාරයට Qualcomm සමාගමේ අලුත්ම Snapdragon 855 processor මුලින්ම ඔවුන්ගේ මීලග smartphone එක තුළින් දැකගත හැකි වන අතර මේ වසරේදි 5G enabled phone එකක් හදුන්වා දෙන බව ද මීට ඉහතදී ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

කොහොම වුණත් මෙය තවමත් leak එකක් පමණක් වන අතර සැබැවින්ම වෙළඳපොලට එන OnePlus 7 එක මෙයට වඩා වෙනස් විය හැකි අතර ඉදිරි මාස කිහිපය ඇතුලත මේ ගැන තවත් විස්තර දැනගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TNW වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.