MIUI 12 සංස්කරණය මැයි 19 වැනි දින ගෝලීය වශයෙන් නිකුත් කිරීමට Xiaomi සමාගම සූදානම් වන ලකුණු
පසුගියදා Xiaomi සමාගම විසින් ඔවුන්ගේ MIUI 12 සංස්කරණයේ beta version එක ඔවුන්ගේ චීනයේ තෝරාගත් ජංගම දුරකථන මාදිලි කිහිපයකට නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
Xiaomi සමාගම විසින් දැන් ඔවුන් MIUI 12 සංස්කරණයේ Global launch එක පිළිබඳව ඉඟියක් MIUI නිළ twitter ගිණුම හරහා ලබා දීමට කටයුතු කර ඇති අතර මෙම puzzle එකට ලැබෙන පිළිතුර 19 වන බැවින් බොහෝ දෙනා MIUI 12 Global launch එක මැයි 19 වෙනිදා සිදුවනු ඇතැයි අනුමාන කරයි.
Mi fans can figure out the answer. How about you?
— MIUI (@miuirom) May 7, 2020
This is a very important message! If you get the answer, remember this important day. #MIUI #MIUI12 pic.twitter.com/3WVDJDTYCm
MIUI 12 සඳහා දැනට ක්‍රියාත්මක වන update schedule එක චීන වෙළඳපොළට පමණක් සීමා වී ඇති අතර මෙම Global launch එකත් සමඟින් චීනයෙන් පිටත සිටින Xiaomi සහ Redmi දුරකථන භාවිතා කරන්නන් සඳහා වෙනත් update schedule එකක් ලැබෙනු ඇත.
මූලිකව Mix 3,Xiaomi Mi 10,Xiaomi Mi 10 Youth Edition,Xiaomi Mi 9 Pro,Redmi K30 ProRedmi K30Redmi K20 ProRedmi K20Xiaomi Mi 8 seriesRedmi Note 8 ProRedmi Note 7, 7 ProMi Mix 2Redmi 8, 8ARedmi 7, 7AMi CC9 යන ජංගම දුරකථන සඳහා මෙම සංස්කරණය ලබාදෙනු ලබන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
View post on imgur.com
මෙම MIUI 12 Update එකත් සමගින් UI සහ visual improvements ගණනාවක් ගෙන එනු ඇති අතර, ඒ අතර නවීකරණය කරන ලද dark mode එක, වැඩිදියුණු කළ privacy and security tools, new animations, new wallpapers සහ තවත් බොහෝ දේ එයට ඇතුළත් වෙනවා.
ඊට අමතරව TÜV Rheinland ආයතනයේ "Android System Enhanced Privacy Protection Test" එක සමත් වූ පළමු mobile operating system එකද මෙය බව සදහන් කරනු ලබයි.
එමෙන්ම Xiaomi සමාගම සඳහන් කරන ආකාරයට මාසිකව MIUI සක්‍රිය පරිශීලකයන් සංඛ්‍යාව දැන් මිලියන 310 ඉක්මවා යාමට සමත් වී තිබෙනවා.
Dark mode 2.0
මෙම dark mode 2.0 මගින් wallpaper dimming feature එක ලබාදී ඇති අතර
දිවාකාලයට wallpaper එක ආලෝකමත් වන අතර රාත්‍රී කාලයට wallpaper එක ක්‍රමයෙන් අදුරු වේ.
MIUI 12 - Wallpaper Dimming
මීට අමතරව dark mode එක enable වූ පසු fonts වල weight සහ bold ගතිය automatically adjust වන අතර font එකෙහි contrast එක පරිසරයේ පවතින ආලෝකයට අනුව automatically adjust කර ගැනීමේ හැකියාවද මෙම පහසුකම හරහා ලැබී ඇත.
View post on imgur.com
Sensory Visual Design
System information පෙන්වීමේදී එම දත්ත graphs සහ visual diagrams හරහා ඉතාමත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි ඉදිරිපත් කිරීමට ද මොවුන් කටයුතු කර තිබෙනවා.
Super Wallpapers
Xiaomi සමාගම විසින් NASA වෙතින් ලබා ගත හැකි අභ්‍යවකාශ ගවේෂණ දත්ත මත පදනම්ව අඟහරු සහ පෘථිවියේ අධි-නිරවද්‍ය සජීවිකරණ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කර ඇති අතර මෙම super wallpapers ඔබට ඔබගේ lock screen එකේ මෙන්ම home screen එකේ දැක ගත හැකිය.
View post on imgur.com
Dark mode enable කල පසු මෙම wallpapers ද රාත්‍රී කාලයට යොමුවේ.
New animations
Xiaomi සමාගම විසින් MIUI 12 හරහා visual redesign කිරීමට වැඩි අවධානයක් යොමු කර ඇත. එම නිසා ඉතාමත් smooth සහ ආකර්ෂණීය animations රාශියක් MIUI 12 සමග ඔබට ලැබෙනු ඇත.
View post on imgur.com
උදාහරණ ලෙස application එකක් delete කිරීමේදී ඇතිවන ripple animation එක ඒ වටා ඇති අනෙකුත් apps සදහාද බලපායි.
#Xiaomi #Mi10Youth #mi10youthedition #miui12
— Xiaomishka (@xiaomishka) April 27, 2020
System animation, perfect horizontal and vertical screen rotation animation pic.twitter.com/3aHb7D2C1S
ඊට අමතරව screen rotation, buttons, charging, apps open කිරීමේදී සහ close කිරීමේදී සහ තවත් actions රාශියක් සඳහා සිත් ඇදගන්නාසුළු animations ගණනාවක් ලබාදීමට ද මොවුන් කටයුතු කර තිබෙනවා.
New gestures
MIUI 12 සමඟින් ඔබගේ දුරකථන සඳහා නව gestures කිහිපයක් ද හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර නිදසුනක් ලෙස, ඔබ කරන දේ අතනොහැර notifications සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඔබට notifications panel එක මත swipe down කිරීමට හැකි වේ.
New Shortcut In Notification Panel Itself Whenever We Receive Any Notifications#miui12 #Xiaomi pic.twitter.com/GvjeGKOahG
— BEE 008 Tech (@BEE008Tech) April 27, 2020
Health tracking
MIUI 12 සමඟ, Xiaomi පරිශීලකයන්ට ඔවුන්ගේ දුරකථනය රැගෙන යන අවස්ථා වලදී ඇවිදීම, දිවීම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් record කිරීමේ හැකියාව ලැබෙන අතර මේ සඳහා දුරකථනය සාක්කුවේ තබාගෙන යෑම පමණක් සෑහෙන බව ඔවුන් පෙන්වා දෙනවා.
Xiaomi සමාගම පවසන්නේ නිවැරදිව health data record කිරීමට සහ එම අවස්ථා වලදී භාවිතා කරනු ලබන බැටරි බලය පිළිබඳව විශේෂ අවධානය යොදමින් ඔවුන් විසින්ම නිර්මාණය කළ “AI motion behavior perception algorithm” එකක් මේ සඳහා භාවිතා කරන බවයි.
මීට අමතරව MIUI 12 සංස්කරණය සඳහා sleep tracking පහසුකමද අන්තර්ගත කර ඇත.
AI calling
Xiaomi සමාගම පසුගිය වසරේ සිට දුරකථන ඇමතුම්වලට පිළිතුරු සැපයීම සඳහා සිය AI assistant වැඩසටහන වන Xiao AI පුහුණු කර ඇති අතර එය පික්සෙල් 3 ජංගම දුරකථනය සමඟ හඳුන්වා දුන් Google call screening විශේෂාංගයට සමානය.
මාස 6ක පමණ පරීක්‍ෂණවලින් පසුව මේ AI phone assistant විසින් beta පරිශීලකයන්ගේ ඇමතුම් මිලියන 4 කට පිළිතුරු ලබා දී ඇති බව Xiaomi දැන් අනාවරණය කර තිබේ.
MIUI 12 සමඟ, Xiaomi විසින් AI phone assistant නිල වශයෙන් “AI Calling” නමින් upgrade කර ඇති අතර එය සමඟ, පරිශීලකයින්ට ඔවුන්ගේ ඇමතුම්වලට පිළිතුරු දීමට අවශ්‍ය භාෂාව තෝරාගැනීමටට කිරීමට හැකි වේ.
එමෙන්ම automatic හෝ manual පිළිතුරු දීම අතර මාරු වීමට ද ඔවුන්ට හැකි වන නමුත් මෙම අංගය චීනයෙන් පිටත පරිශීලකයින්ට ලැබෙනු ඇත්දැයි තවමත් පැහැදිලි නැත.
Enhanced privacy
MIUI 12 සංස්කරණය සමඟින් Xiaomi දුරකථන සඳහා වැඩි දියුණු කරන ලද privacy විශේෂාංග ද ගෙන එන බව Xiaomi සමාගම ප්‍රකාශ කරනු ලබනවා.
උදාහරණයක් ලෙස, අදාල අවස්ථාවට පමණක් හෝ යම්කිසි app එකක් භාවිතා කරනු ලබන අවස්ථාවන්හි දී පමණක් ක්‍රියාත්මක වන ලෙස apps සඳහා permission ලබාදීමේ හැකියාව ලැබෙනවා.
මේ අනුව ඔබ app එකක් භාවිතා කිරීමෙන් පසු permission අවලංගු වන අතර ඔබගේ දුරකථනයේ permission භාවිතය පැහැදිලි නොකරන apps සඳහා, “Always Allow” විකල්පය ලබා නොදෙන බව ද ඔවුන් පෙන්වා දෙනවා.
ඊට අමතරව ඔබ භාවිතා කරන apps මගින් රැස් කරන තොරතුරු ආදිය පිළිබඳව වාර්තාවක්ද ඔබට බලා ගැනීමට හැකියාව පවතින අතර App එකක් මගින් ඔබගේ location වැනි sensitive permission එකක් භාවිතා කරන විට ඔබට තිරයේ ඒ පිළිබඳව notification එකක් මගින් ඔබව දැනුවත් කරයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.