GOG store එක හරහා Metro: Last Light Redux game එකේ remastered version එක නොමිලයේ ලබාදීමට කටයුතු කරයි
පසුගිය දින වල Epic Games ආයතනය විසින් games ගණනාවක් ඔවුන්ගේ Epic games store එක හරහා ලබාදීමට කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඔන්න දැන්, GOG ආයතනය විසින් Metro: Last Light Redux game එකේ remastered version එක නොමිලයේ ලබාදීමට කටයුතු කර තිබෙනවා.
Grab Metro: Last Light Redux for FREE within the next 48h during our Winter Sale Finale!
— GOG.COM (@GOGcom) December 30, 2020
❄️ https://t.co/VjtGvpA0WM | 3500+ deals up to -91% pic.twitter.com/8zcHKoXXey
මෙය පැය 48ක කාළසීමාවකට පමණක් සීමා කර ඇති නමුත් ඔබ විසින් game එක ලබාගත් පසු එය ජීවිත කාලයටම ඔබට හිමි වෙනවා. එමෙන්ම මෙය DRM සඳහා යටත් නොවන අයුරින් නිකුත් කර ඇති නිසා GOG launcher එක නොමැතිව, අදාල files ටික ඉතාමත් පහසුවෙන් වෙනත් පරිගණකයකට copy කරගෙන play කිරීමේ හැකියාව ද පවතිනවා.
මෙය ලබාගැනීම සඳහා මුලින්ම GOG.com වෙබ් අඩවියට ගොස් login/register වීමෙන් අනතුරුව, නැවතත් එහි home page එකට පැමිණ, එහි ඇති Metro: Last Light giveaway banner එක උඩ click කළ යුතු වෙනවා.
ඉන් පසුව ඉහත ආකාරයේ confirmation message එකක ඔයට දැකගත හැකි වනු ඇති අතර, ඊට අදාල email එකක් ද ඔබගේ email ලිපිනයට ලැබෙනු ඇත.
ඉන් පසුව ඔබගේ Games page එකට ගොස් එය download කරගැනීමේ හැකියාව පවතිනවා.
CD Projekt ආයතනය විසින් Cyberpunk 2077 game එක නිකුත් කිරීමත් සමඟින් ඇති වූ තත්ත්වය හමුවේ ලොව පුරා ක්‍රීඩකයින් බොහෝමයකගේ විශ්වාසය බිඳීගිය අතර ඔවුන්ගේ ආයෝජකයින් පවා එම ආයතනයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කලා මතක ඇති.
මෙලෙස ඉතාමත් හොඳ game එකක් නොමිලයේ ලබාදීම හරහා නැවතත් ලොව පුරා පරිගණක ක්‍රීඩාලෝලීන්ගේ අවධානය සහ ආදරය දිනාගැනීමට CD Projekt ආයතනය උත්සාහ කරමින් සිටින බව අනුමාන කළ හැකි වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Polygon වෙබ් අඩවිය භාවිතා කළ හැක.