2021 මාර්තු වන විට Rollable Display එකක් සහිත Smartphone එකක් නිකුත් කිරීමට LG සමාගම සූදානම් වන ලකුණු

LG සමාගම විසින් මෑතකදී හඳුන්වා දෙන ලද LG Wing, Rotatable display එකක් සහිත smartphone එක පිළිබඳව අපි ඔබට විස්තර ගෙන ආවා මතක ඇති.

Rotatable තිරයක් සහිත LG Wing නම් දුරකථනයක් නිකුත් කිරීමට LG සමාගම සූදානම් වන ලකුණු
දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන LG සමාගම LG wing නම් නවතම rotatableතිරයක් සහිත දුරකථනයක් වෙළඳපොලට නිකුත් කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බව මේ වනවිට වාර්තා වෙනවා. මෙම තොරතුරු තහවුරු කලේ දකුණු කොරියානු ප්‍රවෘත්ති මූලාශ්‍රයක් වන ETnews වෙබ්අඩවිය [https://www.etnews.com/20200511000263] වන අ…

LG සමාගම Display තාක්ෂණය අතින් බොහෝ ඉදිරියෙන් සිටින සමාගමක් වන බැවින් ඒ නිසාම Display සහිත Electronic උපාංග සම්බන්ධයෙන් බොහෝ නව්‍යකරණයන් ඉදිරිපත් කිරීමට ඔවුන් සෑමවිටම සමත් වෙනවා.

ඒ සඳහා හොඳම උදාහරණය ලෙස පසුගිය දිනෙක ඔවුන් විසින් නිකුත් කළ 65 inchs rollable Smart TV එක පෙන්වා දිය හැකි අතර එය එවැනි ආකාරයේ තිරයක් සහිත ලොව පළමු smart රූපවාහිනිය වෙනවා.

අඟල් 65ක නම්‍යශීලී TV එකක් LG සමාගම විසින් ලබන වසරේ වෙළඳපොලට නිකුත් කරන ලකුණු
ලොව ප්‍රථම නම්‍යශීලී දුරකථනය ගැන[/royole-flexpai-flexible-display-foldable-smartphone/] මෙන්ම Samsung සමාගමවිසින් නිෂ්පාදනය කරනු ලබන නම්‍යශීලී ජංගම දුරකථනය ගැනත්[/samsungs-foldable-smartphone-with-infinity-flex-display-finally-unveiled/] අපිඔබව පසුගිය නොවැම්බර් මස දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන්…

LG සමාගම විසින් දැන් සූදානම් වන්නේ මෙම rollable display සංකල්පය ඔවුන්ගේ ජංගම දුරකථන වලටද හඳුන්වාදීමට වන අතර ඒ අනුව 2021 මාර්තු මාසය වන විට මෙම ජංගම දුරකථනයක් නිකුත් කිරීමට LG සමාගම සූදානම් වන බවට මේ වන විට වාර්තා වෙනවා.

LG සමාගම විසින් 2021 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රධාන ව්‍යාපෘති දෙකක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී තිබෙන අතර ඉන් පළමුවැන්න වන්නේ, LG Rainbow ව්‍යාපෘතිය බවත්, එය 2021 පළමු කාර්තුව තුළ නිකුත් කිරීමටද සැලසුම් කර තිබෙන බවත් වාර්තා වෙනවා.

එමෙන්ම මෙහි සඳහන් දෙවන සැලසුම වන්නේ Project B ලෙස නම් කර තිබෙන ව්‍යාපෘතියක් වන අතර එය LG Rollable Display එකක් සහිත දුරකථන ව්‍යාපෘතිය වන බව වාර්තා වන අතර, මෙය 2021 මාර්තු මාසයේදී නිකුත් කිරීමට නියමිත වන බව සඳහන් වෙනවා.

2021 වසර අවසන් වන විට, දුරකථන ඒකක මිලියන 30ක් අලෙවි කිරීම LG සමාගමේ ඉලක්කය බව සඳහන් කර තිබෙන අතර ඒ නිසා වෙනත් දුරකථන සමාගම් සමග තරඟ කිරීමේ අරමුණින් LG සමාගම සාම්ප්‍රදායික smartphone design එකෙන් බැහැරව innovated concepts කරා යොමු වන බව වර්තමානයේ දී දැකගත හැකි වෙනවා.

කොහොම වුණත් මෙම devices දෙකම පිළිබඳව වෙනත් තොරතුරු වාර්තා වී නොමැති අතර ලැබෙන පරිදි එම තොරතුරු ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නටත් අප බලාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchina වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.