iOS සහ Android පරිශීලකයින් සඳහා pinned comments පහසුකම ලබාදීමට Instagram ආයතනය කටයුතු කරයි
Instagram සදහා pinned comments පහසුකම පසුගිය මැයි මාසයේ අත්හදා බැලීමෙන් පසුව පසුගිය ජූලි 6 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට Instagram ආයතනය කටයුතු කරනු ලැබුවා.
මෙම පහසුකම හරහා ඔබට අවශ්‍ය comments 3ක් pin කල හැකි අතර මෙමගින් post වෙත ලැබෙන අනවශ්‍ය comments සදහා තම මිතුරන් යොමු වීම අවම කර නිර්මාණශීලි සහ ධනාත්මක comments සදහා පරිශීලකයන් යොමු කිරීමට හැකියාව ලැබෙනවා.
මේ අනුව iOS පරිශීලකයින් හට comment එක swipe කිරීමෙන්ද Android පරිශීලකයින් හට අදාල comment එක මත touch & hold කරගෙන සිටීමෙන් ද comment pin option එක ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
Today we’re rolling out pinned comments everywhere. 📌
— Instagram (@instagram) July 7, 2020
That means you can a pin a few comments to the top of your feed post and better manage the conversation. pic.twitter.com/iPCMJVLxMh
Instagram ආයතනය විසින් පසුගිය වසර කිහිපය පුරාවටම Instagram හරහා සිදුවෙන විවිද ආකාරයේ හිරිහැර, අපයෝජනය සහ වැරදි තොරතුරු සමාජ ගතවීම වැලක්වීමට විවිද ආකාරයේ tools නිපදවනු ලැබූ බව මීට පෙර අවස්ථා කිහිපයකදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
මේ අනුව comments හරහා සිදුවන හිරිහැර, අපයෝජනය සහ වැරදි තොරතුරු සමාජගතවීම වැලැක්වීම සදහා AI යොදාගෙන මේ වනවිටත් ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මෙම AI එක හරහා ඔබ වැරදි ආකාරයේ comment එකක් එකතු කිරීමට සූදානම් වන්නේ නම්, ඒ පිලිබඳව අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලබනවා.
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Engadgetවෙබ් අඩවිය භාවිතා කළ හැක.