Huawei සමාගමට ඇමෙරිකානු සමාගම් සමඟ ගණුදෙනු කිරීමේ අවස්ථාව නැවත ලබා දෙන බව Trump ප්‍රකාශ කරයි
පසුගිය මාස කිහිපය ඇතුලත Huawei සමාගමට ආර්ථික සම්බාධක පැනවීමට ඇමෙරිකානු රජය කටයුතු කළ අතර මේ අතරින් Android සඳහා ලබා දී තිබූ බළපත්‍ර අහෝසි වීම සහ ARM ආයතනය විසින් ලබා දී තිබූ බළපත්‍ර අහෝසි වීම පිළබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.
කොහොම නමුත් ජපානයේ ඔසාකා වල පැවති G20 2019 සමුළුවට සහභාගී වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වන Donald Trump, චීන ජනාධිපතිවරයා හමු වීමෙන් අනතුරුව, ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන දෑ ඇමෙරිකානු සමාගම් වලින් මිලට ගැනීමේ හැකියාව Huawei සමාගමට නැවත ලබා දෙන බවයි.
President Trump has appeared to soften his tone on Chinese communications giant Huawei, suggesting that he would allow the company to once again purchase US technology https://t.co/4YNJCyKLTg pic.twitter.com/jr45f40ghP
— CNN International (@cnni) June 29, 2019
මේ අනුව Huawei සමාගමට තම ඇමෙරිකානු ව්‍යාපාර සහකරුවන් සමඟින් එකතු වී කටයුතු කිරීමේ හැකියාව නැවත ලැබෙන අතර chips, software, technologies ඇතුළු අනෙකුත් hardware components මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.
එමෙන්ම Huawei devices භාවිතා කරනු ලබන පිරිසට පෙර පරිදිම සේවා සැපයීමටත්, අඩපණ වී තිබුණු ජංගම දුරකථන නිෂ්පාදන කටයුතු නැවත යථා තත්ත්වයට පත් කරගැනීමටත් Huawei සමාගමට ඉතාමත් ඉක්මණින්ම හැකියාව ලැබෙනු ඇත.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Huawei Central වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය හා PC World වෙබ් අඩවිය භාවිතා කළ හැක.