Google Meet හරහා සිදු කරන නව video conferences ඉක්මනින් ආරම්භ කිරීම සඳහා 'meet.new’ නමින් shortcut එකක් හඳුන්වා දෙයි

COVID-19 තත්ත්වයත් සමඟ බොහෝදෙනා සමාජ දුරස්ථභාවය තබා ගනිමින් තම වැඩකටයුතු සිදුකර ගැනීමට වැඩි අවධානයක් යොමුකිරීමත් සමඟ video conferences සේවාවන් ද සිය සේවාවන් වල ගුණාත්මකභාවය වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඒ සඳහා Google meet සේවාවද බොහෝ පහසුකම් ප්‍රමාණයක් සිය පරිශීලකයන් වෙත ලබාදීමට කටයුතු කල අතර ඒ පිළිබඳව අප ඔබව මින් පෙර ලිපි කිහිපයකින්ම දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Google Meet වෙත Background Noise cancellation පහසුකම හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
මේ වන විට ජනප්‍රිය වීඩියෝ communication සේවාවක් වන Google Meet සේවාව, Googleසමාගම විසින් හදුන්වා දෙන ලද්දේ 2017 වසරේදීයි. ඔන්න දැන්, මෙය හඳුන්වා දී වසර තුනකට පසු Google සමාගම විසින් Google Meet වෙත AIහැකියාවෙන් බලගැන්වෙන noise cancellation option එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙනබව වාර්ථා වෙනවා. …
Zoom පරදවන්න, Google Meet දැන් ඔබේ Gmail Inbox එක හරහා ම ලබාදීමට Google සමාගම කටයුතු කරයි
Google සමාගම තම සාමන්‍ය පාරිභෝගිකයන්ට මෙතෙක් කල් ලබා නොදුන්, G suite සහEducation පාරිභෝගිකයන්ට පමණක් ලබාදුන් Meet සේවාව පසුගිය සතියේ සිට සියලුම Gmailභාවිතා කරන්නන් හට enable කරන ලද බව අපි ඔබව මීට පෙර දැනුවත්කළා මතක ඇති. මේ අතර Meeting එකට සම්බන්ධ වන්නන්ගේ ප්‍රමාණය 100 දෙනෙක් දක්වා ද, meeting එකක…

පසුගිය වසරේදී Google සමාගම විසින් web එක තුළ blank documents නිර්මාණය කිරීම සඳහා '.new' links (docs.new, sheets.new සහ slide.new වැනි shortcuts) හඳුන්වාදීමට කටයුතු කල අතර දැන් ඔබගේ browser එකෙහි meet.new ලෙස type කිරීම මගින් ස්වයංක්‍රීයව නව Google Meet session එකක් ආරම්භ කර ගැනීමට හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

Google Docs, Slides, Sheets සහ Forms පහසුවෙන් භාවිතයට උපකාරී වන අලුත් .new links
Google සමාගම ලබා දෙන Cloud software අතර Gogle Docs, Slides, Sheets and Formsවැනි software බෙහෝ දෙනා අතර ඉතා ජනප්‍රියත්වට පත්ව තිබෙනවා. ඒ වගේම පසුගිය දවසක Google සමාගම විසින් ඔවුන්ගේම .new කියන අලුත් domain nameඑකකුත් හඳුන්වා දෙන්න කටයුතු කලා. බොහෝ දෙනෙක් භාවිතා කරන නිසාම ඒ අයගේ පහසුව සදහා Google…

මෙම පහසුකම කුඩා එකතු කිරීමක් ලෙස පෙනුනත් Google meet නිතරම භාවිතා කරන ඕනෑම කෙනෙකුට මෙය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.

මීට අමතරව Google docs හි shortcuts මෙන්ම පරිශීලකයින් හට multiple accounts වලින් භාවිතා කිරීම වෙනුවෙන් නම් කිරීම සඳහා අංක එකතු කළ හැකි අතර ඔබට ඔබේ පුද්ගලික ගිණුම සඳහා “meet.new/1” ලෙස bookmark එකක් ද ඔබගේ Office email එක සඳහා “meet.new/2” ලෙස bookmark එකක් ද ලෙස නිර්මාණය කළ හැකිය.

මේ අංක කිරීමේ පහසුකම ක්‍රියාත්මක වන්නේ ඔබ Gmail සේවාවට sign in වී ඇති පිළිවෙලට වන අතර මුලින්ම sign in වූ ගිණුම 1 ලෙසත්, ඊළඟ ගිනුම 2 ලෙසත් පිළිවෙලින් ඊළඟට sign in වන ගිණුම් වලට ද අදාල වන numbers assign වෙනවා.

Google සමාගම ඔවුන්ගේ G Suite tools සඳහා 2018 දී සිය .new shortcut එක නැවත හඳුන්වාදීමට කටයුතු කල අතර Spotify (playlist.new) ඇතුළු third party සමාගම් වෙතද මෙම පද්ධතිය භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරන බව මොවුන් පසුගිය වසරේ නිවේදනය කරනු ලැබුවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක