Grand Theft Auto (GTA) game series එක යනු ලොව පුරා gaming community එක අතර බෙහෙවින් ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් වන අතර 2013 වසරේදී නිකුත් වූ GTA V game එකෙන් පසුව GTA VI නිකුත් වීමට සැලකිය යුතු කාලයක් ගතවූ නිසාම GTA VI game එක පිළිබදව gaming community එක අතර බෙහෙවින් කතා බහට ලක්වුණා.

ඒ සමඟ GTA VI game එකට සම්බන්ධ නිළ නොවන තොරතුරුද නිරන්තයෙන්ම වාර්තා වන පසුබිමක GTA VI හි game trailer එකක් දෙසැම්බර් මාසයේ පළමු සතියේ දී නිකුත් කරන බවට Rockstar සමාගම විසින් නිළ වශයෙන් ප්‍රකාශ කර තිබෙන අතර මෙය Rockstar සමාගමට වසර 25ක්  සපිරීමට සමගාමීව සිදුකරන බවට වැඩිදුරටත් සඳහන් වෙනවා.

Grand Theft Auto VI game එක පිළිබදව දැනට වාර්තා වී ඇති නිළ නොවන තොරතුරුවලට අනුව, GTA series එකෙහි ප්‍රධාන චරිතයක් ලෙස කාන්තා චරිතයක් එක්වී ඇති අතර GTA series එකෙහි මෙලෙස ප්‍රධාන චරිතයක් ලෙස කාන්තා චරිතයක් play කිරීමට හැකියාව ලැබෙන පළමු අවස්ථාවද මෙය වෙනවා. ඊට අමතර, Game play එකෙහි චරිත සඳහා 1930 ට ආසන්න වසරවල ඇමරිකාවේ පාතාලයට සම්බන්ධව සිටි චරිත දෙකක් වන Bonnie and Clyde වටා ගොඩ නැගෙනු ඇති අතර game එක බොහෝ දුරට GTA: Vice City Stories සඳහා පාදක වූ Miami නම් මනක්කල්පිත නගරය ආශ්‍රිතව ගොඩනැගෙනු ඇතැයි වාර්තා වෙනවා.

Rockstar සමාගම විසින් සිදු කළ මෙම නිවේදනයත් සමාගම Grand Theft Auto VI game එක 2024 දී නිකුත් කරනු ඇතැයි gaming community එක වැඩිදුරටත් අපේක්ෂා කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Rockstar X ගිණුම සහ IGN වෙබ් අඩවිය භාවිතා කළ හැක.