KCD එහෙමත් නැත්නම් Kubernetes Community Day කියලා කියන්නේ Cloud Native Computing Foundation ආයතනය සමග එකතු වෙලා Kubernetes සහ Cloud-Native Community ආශ්‍රිත Technologies ගැන දැනුම බෙදා ගන්​න පවත්වන Event එකක් ලෙස හඳුන්​වා දෙන්න පුළුවන්.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට KCD Sri Lanka 2022 Event එක virtual online stream event එකක් ලෙස සජීවීව පැවැත්වීමට කටයුතු කර තිබුනු අතර එයට virtually සහභාගි වූ සමාජිකයන්ගෙ​න් ඉතා හොද ප්‍රතිචාර ලැබී තිබුණි. මෙවර වැඩසටහන පසුගිය වසරට සාපේක්ෂව නව අංගයන් සහ ක්‍රියාකාරකම් සමඟින් නව්‍ය අත්දැකීම් වලින් සමන්විත වැඩසටහනක් බවට පත් කිරීමට කටයුතු කරන බව සංවිධායක මණ්ඩලය සදහන් කරනු ලැබුවා.

මේ අනුව එළඹෙන 9 වැනි සෙනසුරාද දහවල් 12.00 සිට වැඩසටහන් මාලාවක් ලෙස මෙම in-person event එක පවත්ව​නු ඇති අතර, ඒ සඳහා ක්ෂේත්‍රයේ experts ලා රැසකගේ සහභාගීත්වයෙන් සහ වැදගන් දේශන රැසක්​ද අන්තර්ගතව මෙම event එක පැවැත්වීම​ට සියළු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Agenda informations
🔈
KCD Sri Lanka 2023 උළෙල සඳහා නිළ මාධ්‍ය අනුග්‍රහය දක්වමින් KCD Sri Lanka Community එක සමඟ අත්වැල් බැඳගත් TechNews.LK කණ්ඩායම හෙට දිනයේදී පැවැත්වීමට නියමිත Event එකෙහි සියළු තතු ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
මෙම වැඩසටහන් මාලාව පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා KCD Sri Lanka නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.