2009 වසරේ ආරම්භ වී පරිශීලකයින් හට නාඳුනන අය (strangers) සමඟ randomly සම්බන්ධ වීමට අවස්ථාව ලබාදුන් ජනප්‍රිය video chat සේවාවක් වන Omegle සේවාව, වසර 14කට පසුව නවතා දැමීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

එම සේවාව නවතා දැමීමට කටයුතු කර ඇත්තේ platform එක අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධව online safety regulators ලාගේ අවධානයට ලක්ව ඇති අවස්ථාවක වන අතර මෙලෙස Omegle සේවාව නවතා දැමීමට හේතුව ලෙස එහි නිර්මාතෘ වන Leif K-Brooks විසින් සඳහන් කර සිටියේ platform එක කළමනාකරණය සහ නඩත්තු කිරීම සම්බන්ධව පැමිණෙන අභියෝගවලට මුහුණදීම මුල්‍යමය සහ චිත්තවේගී වශයෙන් දුෂ්කර බවයි. එමෙන්ම වෙබ් අඩවිය තවමත් live පවතින නමුත්, එහි anonymous video chat කිරීම තවදුරටත් access කිරීමට හැකියාවක් නොමැති වෙනවා.

Omegle

මීට පෙරදී Omegle සේවාව හරහා බාලවයස්කරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගැනීම සම්බන්ධව චෝදනා ලබා ඇති අතර මෙලෙස සේවාව නවතා දැමීමේ තීරණය පැමිණෙන්නේ එක්සත් රාජධානියේ online ආරක්ෂණ පනත (UK’s Online Safety Bill) වැනි ළමා අපචාරයන්ට එරෙහි වීම සඳහා දැඩි මාර්ගගත ආරක්ෂණ රෙගුලාසි හඳුන්වා දෙමින් සිටින අවස්ථාවක වීම කැපී පෙනෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Omegle වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.