TikTok සමඟින් තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් හඳුන්වාදීමට YouTube ආයතනය සූදානම් වෙයි
කෙටි වීඩියෝ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ අතිශය සාර්ථක වූ App එකක් ලෙස Tik Tok හඳුන්වා දිය හැකියි.
එය කෙතරම් ජනප්රිය වූයේද යත් පසුගිය වසර කිහිපය පුරා පරිශීලකයන් මිලියන 800 ක් පමණ දෙනා TiK Tok වටා එකතු වූ අතර සෑම වසරකම එය පෙර වසරට වඩා 15% ක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා.
මෙයට ලැබුණු අසීමිත ජනප්රියත්වය නිසාම Facebook ආයතනය මේ සමඟින් තරඟ කිරීමට Lasso නම් වූ app එකක් නිර්මාණය කර බ්රසීලයේ අත්හදා බැලූ අතර එය එතරම් සාර්ථකත්වයට පත් වූයේ නැහැ.
කොහොම නමුත් YouTube ආයතනය මේ වන විට Tik Tok සමඟ තරග කල හැකි නව අංගයක් YouTube App එකට ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
"Shorts" යනුවෙන් හැඳින්වෙන මෙම නව අංගය මඟින් YouTube Mobile App එකේ Feed එක මත කෙටි වීඩියෝ Upload කිරීමට ඉඩ සළසන අතර එම video වලට like කිරීමට සහ අදාල content creator ව subscribe කිරීමේ හැකියාව ද ලැබෙනවා.
මේ පහසුකම දැනටමත් තෝරාගත් පුද්ගලයන් පිරිසකට ලබා දී පරීක්ෂා කිරීමට YouTube ආයතනය කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.
Just got this email from a person claiming that YouTube's rumored "Shorts" feature rolled out for them. The screenshots are in Spanish but the person did not say where they're from. The video length on the top left seems new as does the video player UI.https://t.co/hcph5y4Af3 pic.twitter.com/IhX4kGZHed
— Mishaal Rahman (@MishaalRahman) April 3, 2020
මේ YouTube Shorts හරහා video නිර්මාණය කිරීමේදී YouTube වලට දැනටමත් එකතු කර ඇති Licensed Music tracks විශාල ප්රමාණයක් අතරින් කැමති track එකක් තෝරාගෙන තමන්ගේ video එක නිර්මාණය කිරීමේ හැකියාව පරිශීලකයා හට ලැබෙන බවත්, මෙම වසර අවසානය වන්නට පෙර ලොව පුරා සියළුම පරිශීලකයන් හට මේ පහසුකම ලබාදීම ඔවුන් බළාපොරොත්තුවෙන් සිටින බවත් වාර්ථා වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.