Xiaomi සමාගම විසින් ජංගම දුරකතන සඳහා physically zoom කිරීමට හැකි විශාල ප්‍රමාණයේ telephoto lens එකක් පිළිබඳව ඉඟි කරයි

නොවැම්බර් 5 වනදා පැවති Mi Developers Conference (MiDC) එකේදී Xiaomi සමාගම විසින් නව්‍ය තාක්ෂණයන් ගණනාවක්ම එළිදැක්වීමට කටයුතු කළ අතර එහිදී වැඩිදියුණු කළ නව telescopic camera setup එකක් එළිදැක්වීමටද Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

Tipster කෙනෙකු වන Digital Chat Station සහ Xiaomi සමාගමේ නිළ blog එක අනුව, Retractable Wide-aperture Lens Technology යන නමින් හඳුන්වන මෙම තාක්ෂණය භාවිතා කිරීමේදී lens එකෙහි විශාල ප්‍රමාණයේ aperture එකක් දැකිය හැකි අතර ඒ හරහා camera sensor එක මතට 300% කින් වැඩි ආලෝක ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා මෙන්ම, නව image stabilization තාක්‍ෂණයක් ද මෙයට අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Lens එකෙහි ඇති විශාල aperture එක සහ image stabilization තාක්‍ෂණය නිසා මෙමගින් ලබාගන්නා ජායාරූපවල පැහැදිලි බව 20% කින් වැඩි බවද වාර්තා වන අතර Xiaomi සමාගම විසින් තවමත් මෙම lens එකෙහි aperture (ƒ) අගය පිළිබඳව තොරතුරක් සඳහන් වන්නේ නැහැ.

Xiaomi සමාගම විසින් Weibo වෙත upload කරන ලද video එකක, මෙම lens එක point-and-shoot zoom camera වල මෙන් ජංගම දුරකතනයෙහි body එකෙන් ඉවතට තල්ලු වන ආකාරය දැකගැනීමට හැකියාව තිබෙන අතර මෙම lens එකෙහි zoom range එක පිළිබඳව තොරතුරක් සඳහන් වන්නේ නැහැ.

එමෙන්ම, මෙම තාක්‍ෂණය වෙළෙඳපලට නිකුත් කරන කාලවකවානුවක් පිළිබඳව Xiaomi සමාගම විසින් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බව දැකගතහැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.