Blockchain Development ගැන කොළඹ දී පැවති Web3Ceylon Tour එකේ පළමු දිනය පිළිබඳව දැන ගනිමු
Web3Ceylon 2025 සිව් දින Web3 Blockchain අධ්‍යාපනික Tour එක පිළිබඳව මීට පෙර අප ලිපියකින් දැනුවත් කළා ඔබට මතක ඇති.
ඒ අනුව මෙහි පළමු දින වැඩසටහන වන Developers & Builders event එක පසුගිය සැප්තැම්බර් මස 20 වන දින මොරටුව විශ්ව විද්‍යාලයේ Rupert Peiris Auditorium හිදී පවත්වනු ලැබුවා.
මේ event එක සඳහා 250කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙන අතර මේ ඔස්සේ Web3 සහ Blockchain තාක්ෂණයන් පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය පිරිස, Developers සහ Student communities පාදක කරගනිමින් blockchain ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමට, දැනුම බෙදා ගැනීමට මෙන්ම ප්‍රායෝගික workshops සහ hands-on activities වැනි විශේෂාංග සඳහා මෙහිදී අවස්ථාව ලැබුනා.
Google Developer Group Sri Lanka හි Lead Developer කෙනෙකු වන Suresh Peiris මහතා විසින්, "Building Web3 on GCP" යන මාතෘකාව යටතේ දේශනයක් ගෙන එනු ලැබුවා. එහිදී ඔහු විසින් Google Cloud මත Scalable Web3 applications build කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරනු ලැබුවා.
ඉන් අනතුරුව Metana හි Head of operation කෙනෙකු වන Imeth Vinnath මහතා විසින් Solidity Bootcamp සහ web3 හා සම්බන්ධ මුලික සංකල්ප ඇතුළු තොරතුරු පිළිබඳව හරවත් දේශනයක් සිදු කළා.
ඉන්පසුව CeyLabs ආයතනයේ CTIO වන Dilshan Madushanka මහතා විසින් Smart Contract Deployment පිළිබඳව physical Workshop එකක් සිදු කල අතර මෙය ලංකාවේ workshop එකක් තුළ සිදු කල ප්‍රථම Smart Contract Mainnet Deployment එක වශයෙන් විශේෂ වෙනවා.
එමෙන්ම මෙම Mainnet Deployment එකේ fee එක සඳහා $100+ airdrop එකක් සහභාගිවූවන්ට ලබාදුන් අතර මෙමගින් ප්‍රායෝගිකව Mainnet එකක් තුළ Smart contract එකක් deploy කරන්නේ කෙසේද යන්න අවශ්‍ය දැනුම හා අත්දැකීම ලබාදීමට කටයුතු කර තිබෙනවා.
ඉන්පසුව Future CX ආයතනයේ Co-Founder කෙනෙකු වන Sanjeewa Silva මහතා විසින්, "Zero-Knowledge Proofs & Web3" යන මාතෘකාව පිලිබඳව හරවත් දේශනයක් සිදු කළා. මෙහිදී ඔහු Zero-Knowledge Proof (ZKPs) හි වැදගත්කම සහ සැබෑ ලෝකයේ භාවිතය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා.
Future CX ආයතනයේ Head of Engineering වන Diyath Rajapaksha මහතා විසින්, "Bitcoin Fundamentals & Scripting" ඇතුළු Sound money කියන්නේ මොකක්ද, Bitcoin සහ එහි මූලික හරය වටහා දීම වැනි කාරණා පිළිබඳව හරවත් දේශනයක් සිදු කළා.
ඒ අනුව Web3ceylon - Colombo event එක මෙසේ සාර්ථකව නිමා කරනු ලැබු අතර මීට සමගාමී වන දෙවන දින අධ්‍යාපනික blockchain වැඩසටහන වන Business & Freelancers - සැප්තැම්බර් මස 28 වන දින නුවර නගරයේදී පැවැත්වීමට සුදානමින් සිටිනවා. මෙම වැඩසටහන සඳහා register වීමට ඔබට පහත සබැඳිය භාවිතා කළ හැක.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Web3Ceylon වෙබ් අඩවිය සහ Facebook පිටුව භාවිතා කළ හැක.