Twitch සේවාව චීනයේ භාවිතා කිරීම අවහිර කර දමයි

Twitch කියන්නේ මේ වෙනකොට ලෝකයේ ගොඩක්ම ප්‍රසිද්ධ video streaming service එකක් වුණත් මේ වන විට චීනයේ මෙම සේවාව භාවිතා කිරීම අවහිර කර දැමීමට චීන රජය පියවර ගෙන තිබෙනවා.

Amazon සමාගමට අයිති මේ Twitch සේවාව ප්‍රධාන වශයෙන්ම video game සජීවීව විකාශය කිරීම පිළිබඳව විශාල කීර්තියක් දිනාගෙන සිටිනවා. එමෙන්ම music streaming සහ වෙනත් content ද මෙම සේවාව භාවිතා කරමින් stream කිරීමට ඔවුන් පහසුකම් සපයනු ලබනවා.

Twitch App එක පසුගිය මාසයේදී චීනය තුල බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුයේ ඒ හරහා Asian Games තරඟාවලිය නැරඹීමට අවස්ථාව තිබූ හෙයින් වන අතර ඒ අනුව චීනයේ වැඩියෙන්ම download කරන ලද apps අතුරින් තුන් වන ස්ථානය හිමි කරගන්නට මෙම app එක සමත් වුණා.

චීන රජයට අයත් CCTV ආයතනය විසින් Asian Games තරඟාවලිය විකාශය නොකිරීමට තීරණය කර තිබූ හෙයින් පසුගිය අගෝස්තු මස අවසන් සතිය වන විට මෙම downloads ප්‍රමාණය කලින් සතිය මෙනි 23න් ගුණයක් පමණ ඉහල ගොස් තිබූ බවත් වාරථා වෙනවා.

කොහොම වුණත් චීනයට අයත් Apple Store එකෙන් ද මෙම Twitch App එක ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති අතර වේගයෙන් ජනප්‍රියත්වයට පත්වෙන ඕනෑම බටහිර මාධ්‍යයක්, ඒ හරහා චීන ජනතාවගේ ආකල්ප වලට වෙනසක් සිදු කිරීමට ප්‍රථමව අවහිර කර දැමීමට චීන රජය විසින් පියවර ගන්නා බව බොහෝ දෙනෙකු පෙන්වා දෙනවා.

Facebook සහ Twitter වැනි සමාජජාල මාධ්‍යයන් මේ වන විටත් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර Google සමාගම විසින් වාරණය කළ හැකි search පහසුකමක් එළිදක්වන්නට බළාපොරොත්තුවෙන් සිටියත්, තවමත් ඔවුන්ගේ සේවාවන් චීනය තුල භාවිතා කිරීම අවහිර කර තිබෙනවා.