OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වැනි දින AR Event එකක් හරහා නිල වශයෙන් එළිදැක්වීමට සූදානම් වෙයි

OnePlus සමාගම විසින් එළිදැක්වීමට නියමිත OnePlus Nord ජංගම දුරකථනය පිළිබඳව තොරතුරු රාශියක්ම පසුගිය සති කිහිපය පුරාවට අන්තර්ජාලය තුළ දැක ගැනීමට හැකි වූ අතර මීට දින කිහිපයකට පෙර OnePlus සමාගම විසින් OnePlus Nord ජංගම දුරකථනය pre-order කිරීමට පවා අවස්ථාව ලබා දුන් බව අප ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

අලුත් mid-range device එකේ නම OnePlus Nord බවත් එය pre-order කිරීමට අවස්ථාව ලබා දෙන බවත් OnePlus සමාගම ප්‍රකාශ කරයි
මිට පෙර අවස්ථා කිහිපයකදී අප වාර්ථා කළ අන්දමට OnePlus සමාගම විසින් ඔවුන්ගේ අලුත්මmid-range device එක නිකුත් කිරීමට සූදානමින් සිටින අතර මේ වන තුරු එය OnePlus 8Lite, OnePlus Z සහ OnePlus Nord යන නම් වලින් හැඳින්වීමට කටයුතු කරනු ලැබුවා. OnePlus Z ජංගම දුරකථනය ජූලි මස 10 වැනි දින ඉන්දියාවේදී එළිදැක්වී…

මේ OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වන දින පෙ.ව. 10 ට (ET Time) නිළ වශයෙන් එළිදැක්වීමට නියමිත අතර මේ Nord event එක සඳහා OnePlus සමාගම විසින් AR තාක්ෂණය භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත්, එමඟින් ප්‍රේක්ෂකයන් හට ඔවුන්ගේ නිවෙස්වල සිට ආරක්ෂාකාරීව OnePlus Nord ජංගම දුරකථනය එළි දැක්වීමේ කටයුතු සමඟින් සම්බන්ධ විමට හැකියාව ඇති බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

මෙම එළිදැක්වීමට පහසුකම් සැලසීම සඳහා OnePlus විසින් Nord Launch app එක නිර්මාණය කර ඇති අතර එය දැන් Google Play Store සහ Apple App Store හරහා download කරගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.

App එක හරහා පරිශීලකයින් හට ඔවුන්ගේම avatar එකක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන අතර එය තරමක් සිත්ගන්නා සුළු කරුණකි. කෙසේ වෙතත් OnePlus සමාගම විසින් physical invitations නිර්මාණය කර ඇති අතර එය Nord Launch app එක මඟින් scan කරන විට AR හරහා විශේෂ අත්දැකීමක් ලබා ගත හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ Physical invitation එකක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහා OnePlus Nord Instagram ගිණුම පිළිබඳව විමසිලිමත්ව සිටින්නැයි OnePlus ප්‍රකාශ කර සිටිනවා.

Screenshots in the listing give us a feel for what the AR launch may look like.

ඔබට ඉක්මනින් OnePlus Nord ජංගම දුරකතනයක් ඇණවුම් කිරීමට අවශ්‍යතාවයක් ඇත්නම් OnePlus සමාගම පවසන්නේ ඊළඟ උපාංග 900 ජූලි මස 8 වන දින සිය Instagram ගිණුම හරහා ලබා ගත හැකි වන අතර අවසන් pre-orders කිහිපය ජූලි 15 වනදා සජීවීව සිදුවන නමුත් යුරෝපීයයන් හට සිය web අඩවිය හරහා pre-order කිරීමට හැකියාව ඇති බවය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක