Algorithm එකට යටත් නොවී, AI යුගයේ ඔබේ රස අනන්‍යතාවය රැකගන්න
මේ ප්‍රශ්නය ටිකක් විකාර එකක් විදිහට ඔයාට පෙනෙන් පුළුවන්. එත් විද්‍යාවට අනුව, මේක ඉතාම වලංගු ප්‍රශ්නයක්. අපේ මොළය නිරන්තරයෙන්ම අපේ ඉන්ද්‍රියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගොඩනගා ගන්නවා. මේක cross-modal correspondence ලෙස හැඳින්වෙනවා.
අපි බොහෝ දෙනෙක් රෝස හෝ රතු පාට දකින කොට"පැණි රස" ද, කොළ හෝ කහ පාට දකින විට "ඇඹුල් රස" ද, සුදු පාට දකින විට "ලුණු රස" ද, කළු හෝ දුඹුරු පාට දකින විට "තිත්ත රස" ද සම්බන්ද කරනවා.
ඒ හා සමානවම විවිධ හැඩතල එක්කත් මේ සිදුවීම වෙනවා, උදාහරණ විදිහට "round shapes" "පැණි රස" සමගත්, "spiky shapes" "ඇඹුල්" හෝ "තිත්ත" රස සමගත් අපේ මොළය සම්බන්ධ කරනවා.
මේක අහම්බයක් නම් නෙවෙයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Charles Spence පෙන්වා දෙන විදිහට, මෙය අපි පරිසරයෙන් ඉගන ගත්ත පාඩමක්. Internalisation of the statistics of the environment ලෙස ඔහු මෙය හඳුන්වනවා. සරලවම කිව්වොත්, ස්වභාවධර්මයේදී පළතුරු කොළ පාට (ඇඹුල්) සිට රතු පාට (පැණි රස) දක්වා ඉදෙන බව අපේ මුතුන් මිත්තන් ඉගෙන ගත්තා. ඒ ඉගෙනීම අපේ මොළයේ තැන්පත් වී තිබෙනවා.
Marketers ලා මෙය දශක ගණනාවක් තිස්සේ දන්න ඒවගේම දැන්වීම් කරණය සඳහා පිළිපදින දෙයක්. බොහෝ designer ලා දැන හෝ නොදැන ආහාර ඇසුරුම් නිර්මාණය කරන්නෙත් මේ ක්‍රමවේද භාවිතා කරලයි.
ජපානයේ කළ පර්යේෂණයකදී, කළු පැකට්ටුවක දැමූ තිත්ත චොකලට් එකට වඩා, රෝස පැකට්ටුවක දැමූ එම චොකලට් එක "වඩා පැණි රසයි" කියලා මිනිසුන් පිළිතුරු ලබා දී තිබෙනවා.
ChatGPT අපේ රසය ඉගෙන ගනිමින් ඉන්නවාද?
ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් මිනිසුන්ගෙන් අසන ලද ඉහත ප්‍රශ්න ටිකම Generative AI එකක් වන ChatGPT වෙත යොමු කළා.
"වටකුරු හැඩතල 'පැණි රස' සමග කොතරම් සම්බන්ධද? 1-7 පරිමාණයකින් කියන්න."
"මිහිරි රසයට වඩාත්ම ගැලපෙන පාට කුමක්ද?"
ChatGPT ලබා දුන්න පිළිතුරු - Motoki, K., Spence, C., & Velasco, C. (2024). Colour/shape-taste correspondences across three languages in ChatGPT. Cognition, 253, 105936. https://doi.org/10.1016/j.cognition.2024.105936
මේකෙදි ලැබුණු පිළිතුරු බොහෝ දෙනෙක් පුදුමයට පත් කරන්න සමත් වෙලා තිබුනා. AI පද්ධති මිනිසුන් ලබා දෙන පිළිතුරු වලට බොහෝ සෙයින් සමාන පිළිතුරු ලබාදීම මේකට ප්‍රධාන හේතුවයි. ChatGPT-4o, පැරණි 3.5 අනුවාදයට වඩා මිනිස් සම්බන්ධතා පෙන්වන්න දක්ෂ වුණ බව මේ පර්යේෂකයන් නිරික්ෂනය කළා.
දැන් එතකොට AI එකට රසත් දැනෙනන පටන් අරගෙනද?
සරලම උත්තරේ නැහැ.
මෙකට හේතුව, එම AI පද්ධති පුහුණු කිරීමට යොදාගත් අතිවිශාල මානව දත්ත (අප ලියූ පොත්, ලිපි, වෙබ් අඩවි) ඇතුලේ අපේ මේ cultural biases ඒ විදිහටම සටහන් ව තියෙන එක. කෘතීම බුද්ධි වැඩසටහන්, අපේ සංස්කෘතියේ අපට එකපාරට නොපෙනෙන සැඟවුණු රටාවන් හඳුනාගෙන , ඒවා තවත් මිනිසේක අනුකරණය කරන කන්නාඩියක් වගේ අපට ආපසු පෙන්වීම තමයි මෙහිදී දැකගන්න ලැබුනේ.
AI අපේ මොළය අදෘශ්‍යමානව ආක්‍රමණය කරනවාද?
මෙතැනින් එහාට තමයි කතාවේ දෙවන සහ වඩාත් බරපතල පැත්ත පටන් ගන්නේ. අද වෙනකොට අපි සමාජ ජාලවල දකින ලිපි, චායාරූප, වීඩියෝ පවා Midjourney, Sora, Nano Banana වැනි AI එකක් පාවිච්චි කරලා සිදු කරපු නිර්මාණ විදිහට (ඒවා ඇත්තටම එහෙම නොවුනත්) ඔබටත් සමහර වෙලාවට සැක හිතෙනවා නේද?
AI-generated ශෛලියක් තිබ්බට සමහරවිට ඒවා ඒ නිර්මාණ කරුවගේම ස්ව නිර්මාණ වෙන්න පුළුවන්. බොහෝ නිර්මාණ කරුවන් AI මගහරින්න ලොකු උත්සහයක් ගන්නවා. එතකොට ප්‍රශ්නය කාගේද? ප්‍රශ්නය මේවා දකිනනිතරම මේවා consume කරන අපේ.
අපි AI-generated content දිනකට කොයි තරම් නම් දකිනවද කියනවා නම්, නොදැනුවත්වම ඒවායේ style, paterns අපේ මොළයට උරාගෙන අවසන්. අපි Terminator, iRobot වගේ චිත්‍රපට හබවක් වෙලා AI හරි රෝබෝවරු හරි ලෝකය ආක්‍රමණය කරයි කියලා බය වෙලා හිටියට, මෙන්න මෙක තමයි අප නොදැනුවත්වම වෙන The Invisible Invasion එක.
AI අපේ creative DNA, අපේ originality කියන එක අපි නොදැනුවත්වම වෙනස් කරමින් නැති ඉන්නවා. හැබැයි මේ කතාවට තරමක් පරස්පර තාරකත් නැතුවම නෙමෙයි. මොකද AI තව නිර්මාණ ආශ්‍රයෙන් නව නිර්මාණ කරද්දී මිනිස්සු විදිහට අපිත් කරන්නේ එක නේද කියලා මතයක් තියෙනවා.
Cryptomnesia: ඔබේ Original අදහස ඇත්තටම ඔබේද?
ඔබ සමහවිට එක වගේ සින්දු, එක වගේ ශෛලියට යන නිර්මාණ ඔබ ඕනෑ තරම් දැකලා අත්විඳලා ඇති. නමුත් සමහර නිර්මාණ සෘජුවම තව එකක ආශ්‍රයෙන් copy කිරීමක් හෝ inspire වීමක් මත නිර්මාණය වුවක් ම නෙමෙයි.
සමහර විට මේ එක වගේ බිහි වෙන නිර්මාණ පිටුපස ඉන්න කළා කරුවන් ලෝකයේ තැන් දෙකක එකිනෙකාගේ පැවැත්ම ගැන හෝ නිර්මාණ ගැන නොදැන ඉන්නවා වෙන්න පුළුවන්. මේ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලි හඳුන්වන්නේ "Cryptomnesia" ලෙසයි.
සරලවම, ඔබේ මොළය යම් මතකයක් (උදා: ඔබ දුටු ලස්සන චිත්‍රයක ශෛලියක, ඔස්සේ ලියවුනු ලිපියක වචන රටාව) ගබඩා කර ගන්නවා. නමුත් කාලයත් එක්ක, ඒ මතකය ලැබුණු මූලාශ්‍රය එනම් මොළයට අමතක වෙනවා. දිනක් ඔබ නිර්මාණයක් කරන්න උත්සහ කරද්දී , මොළය ඔබට අර ශෛලිය මතක ආපසු දෙනවා.
"නියම original අදහසක්!"කියලා ඔබ මේ වෙලාවේ හිතෙන්න පුළුවන්.
අද වෙද්දී අපේ Instagram, Pinterest, YouTube, Facebook පිරී ඇත්තේ AI-generated සහ AI-assisted ව නිර්මාණය වූ content වලින්. AI නිර්මාණ ලෙස අපි දකින හැමදේම සැක කරන්නත් එක හේතුවක් වෙන්න පුළුවන්.
ඔබේ inspiration එක එන්නේ AI ශෛලිය හෝ ඒ ඇසුරෙන් සිදු කල නිර්මාණයකින් නම්, ඔබ කරන්නේ, නොදැනුවත්වම, AI එකක ශෛලිය නැවත නිර්මාණය කිරීමයි.
අපිට දැන් ඇත්තටම වෙනස හඳුනාගන්න බැරි තරම්. අප දිනපතා දකින මේ repetitive patterns ඒ එකම palettes, framing, ඒ එක්කම අමතක කරන්න බැරි "poetic-but-slightly-vague”, Instagram captionsන්වගේ දේවල් ටිකෙන් ටික අපේ මොළයට "හරි" සහ "ලස්සන" දේ ලෙස දැනෙන්නට පටන් ගන්නවා.
හුරුපුරුදුකම එහෙම නැත්නම් Familiarity අපේ නව Taste එක බවට ක්‍රමයෙන් පත් වෙමින් තිබෙනවා.
Model Collapse එහෙම නැතිනම් AI විසින් AI වමාරා කන භයානක චක්‍රය
මෙය මීටත් වඩා භයානක feedback loop එකක් නිර්මාණය කරනවා. තාක්ෂණිකව මෙය හඳුන්වන්නේ "Model Collapse" එකක් ලෙසයි.
- පළමු පියවර: AI පද්ධති, මිනිසුන් අතීතයේ නිර්මාණය කළ මුල් කලා කෘති එහෙම නැති නම් original human art මත train වෙනවා.
- දෙවන පියවර: AI, ඒ ඇසුරින් "AI වගේ පෙනෙන" නව නිර්මාණ මිලියන ගණනක් අන්තර්ජාලයට මුදා හරිනවා.
- තුන්වන පියවර: මිනිසුන් (ශිල්පීන් සහ සාමාන්‍ය ජනතාව) එම AI නිර්මාණ දිනපතා දකින අතර, "Cryptomnesia" නිසා නොදැනුවත්වම ඒ ශෛලීන් උකහාගන්නවා.
- හතරවන පියවර: දැන්, මීළඟ AI පරම්පරාව - next generation AI පුහුණු කරන්නේ අන්තර්ජාලයේ ඇති අලුත් දත්ත යොදාගෙනයි. නමුත් ඒ දත්තවල දැන් පිරී ඇත්තේ මොනවද? AI ශෛලියට හුරු වූ මිනිස් නිර්මාණ සහ පරණ AI නිර්මාණ!
AI දැන් ඉගෙන ගන්නේ AI වලින්මයි. මෙම චක්‍රය නිසා, නිර්මාණ අතරේ quality සහ diversity ටිකෙන් ටික අඩු වී, සෑම දෙයක්ම එකම, නීරස, peedict කළ හැකි පිටපතක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. අපේ සමස්ත මිනිස් සංස්කෘතියම flattening වීමක් දක්වා දුරදිග යන්න වුණත් පුළුවන්.
අනන්ත තේරීම් සහ අඩු රසවින්දනය paradox එකක් ද?
අපේ ඉතිහාසයේ කවදාවත් අපට මෙතරම් නිර්මාණ tools, මෙතරම් options තිබිලා නැහැ. එක click එකකින් අපිට ඕනෑම ශෛලියක චිත්‍රයක් හදන්න පුළුවන්. ඕනෑම සංගීතයක් නිර්මාණය කරන්න පුළුවන්. ඕනෑම රචකයෙක් අනුකරණය කරමින් ලිපියක්, පොතක් ලියන්න පුළුවන්.
නමුත් අද වෙද්දී බොහෝ නිර්මාණ එක වගේ, එක ශෛලියට, එක රටාවකට පෙනෙන්නට පටන් අරන් කියලා ඔබට හිතිලා නැද්ද?.
හේතුව? රසවින්දනය සහ නිර්මාණ ගොඩ නැගෙන්නේ constraints එහෙම නැති නම් යම් සීමාවන්, බාධක අතරින් අප ගන්න තීරණ තුළ වීමයි
ඔබේ Netflix මෙනු එක. ඔබේ Spotify playlist එක. Instagram එකේ දකින AI photo dumps සහ Algorithmic art. මේ හැමදේම algorithm එකක් හරහා හරියටම ඔයාට curated කරලා දුන්න දේවල් වගේ දැනුනත්, ඒ හැමදේම අන්තිමේදී ටිකක් boring නේද?
ඔබ දන්න chords හතර පහ පාවිච්චි කරලා, ඒ සීමාව ඇතුළේ, සම්පූර්ණ සින්දුවක් නිර්මාණය කළා.
ඔබ ළඟ තියෙන පාට තුනයි, ඉතුරු වුණු කැන්වස් කෑල්ලයි පාවිච්චි කරලා මුළු චිත්‍රයක්ම ඇන්දා.
ඔබ ඉගෙන ගත්තේ කුස්සියේ තියෙන බඩු තුන හතරෙන් රසම කෑම එක හදන්නයි.
ඒ "නැතිකම" හෙවත් "සීමාව" නිසා, ඔබේ මොළයට forced decisions ගන්න සිද්ධ වුණා. ඔබට මහන්සි වෙන්න සිද්ධ වුණා. අන්න ඒ බලකිරීම සහ ඒ තුළින් ගත් තීරණ ටික එකතු වෙලා තමයි ඔබේ "අනන්‍ය ශෛලිය" බිහිවුණේ.
දැන් තත්වෙ මොකක්ද? තාක්ෂණයේ දියුණුව එක්ක අපට Infinite choices සහ සීමාවන් හෝ ගැටළු ඉතාම අවමයි (Zero friction).
ඕනෑම දෙයක් හදන්න බොත්තමක් ඔබන එක විතරයි තියෙන්නේ. මහන්සිය, සීමාවන්, ඇත්තෙම නැති තරම්. ඒත් පුදුමයකට වගේ, ඒ පහසුවෙම ප්‍රතිඵලය වෙලා තියෙන්නේ එකිනෙකට වෙනස් "අනන්‍ය හඬවල් එහෙම නැතිනම් distinctive voices දවසින් දවස අඩු වීමයි.
අපේ රසඥතාව නැවත දිනා ගැනීමේ සටනට ඔබ සුදානම් ද?
අද වෙද්දී තාක්ෂණික ලෝකයේ වගේම අපේ එදිනෙදා ජිවිතයේ විශාල කාර්යභාරයක් AI ඔස්සේ සිදුවෙනවා. එනිසා තවදුරටත් කිසිම විදිහකට පිළිතුර AI වලින් පලා යාම නම් නොවේ. පිළිතුර "Taste Resilience" එහෙම නැති නම් රසවින්දනයේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීමයි. Algorithm එකට අවශ්‍ය දේට යටත් නොවී, ඔබට අවශ්‍ය දේ තෝරා බෙර ගැනීමේ ගැනීමේ හැකියාවයි.
ඒ සඳහා ක්‍රම කිහිපයක් මෙන්න:
- Influence Audits : ඔබ දිනපතා consume මොනවාද?, ඔබෙන්ම අසන්න. ඔබේ අදහස් එන්නේ කොහෙන්ද? ඔබ නොදැනුවත්වම AI වලට ඇබ්බැහි වෙලාද?
- Create Under Constraint (සීමා සහිතව නිර්මාණය කරන්න, තීරණ ගන්න): ඔබම ඔබට සීමා දමා ගන්න. "මම අද චිත්‍රයක් මේ වර්ණ භාවිත කරලා," "මම මේ ලිපිය ලියන්නේ පොතක් සහ පෑනක් භාවිතයෙන්" වැනි සීමා.
- සරලවම ඔබේ මොළයට සීමාවන් හා අවහිරතාවයන් තුල තීරණ ගැනීමට බල කිරීම තමයි සිදුවිය යුත්තේ.
- Study "Slower" Art: "clicks" හෝ "likes" සඳහා පමණක් ම නිර්මාණය නොකළ දේවල්, අවුරුදු 200ක් පැරණි කවි, CGI නැති පැරණි චිත්‍රපට ඉපැරණි ගීත වගේ දේවල් රස විඳින්න පුරුදු වෙන්න.
- AI ආශ්‍රිත දේවල් inspiration සහ brainstorming tool ලෙස භාවිතය ඉවතලන්න අපට හැකියාවක් නැහැ. ඕනම දෙයක් දැනගෙන, එහෙමත් නැතිනම් සවිඥානිකව භාවිත කරන්න අපිට පුළුවන්.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා sciencedirect.com වෙබ් අඩවිය, labs.arxiv.org වෙබ් අඩවිය, nature.com වෙබ් අඩවිය, brill.com වෙබ් අඩවිය, nih.gov වෙබ් අඩවිය, sciencedirect.com වෙබ් අඩවිය, apple.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.